කරුණා අම්මාන්ගේ සහයත් මෛත්‍රීට !

Published in පුවත්
Monday, 12 January 2015 09:59

එල්ටිටීඊ සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායකයකු මෙන්ම ශ්‍රි ලනිපයේ උප සභපතිවරයකු ලෙසද ඇමැති තනතුරක්ද දැරූ කරුනා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ගේ සහය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර තිබේ.

ඊයේ සවස පැවැති ජනාධිපතිවරයාට සහය දක්වන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාව අවස්ථාවේදී ඔහුද පැමිණ සිටි නමුදු ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

කෙසේ නමුත් කරුනා අම්මාන් රාජපක්ෂ රජය හා එකතුව සිටියේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය හේතුවෙනි. ඊත බරපතල ඝාතන චෝදනා ‍රැසක් එල්ල වී ඇති කරුනා අම්මාන් එල්ටීටීඊය පරාජය කෙරුම සඳහා තීරණාත්මක සහයක් රාජපක්ෂ පාලනය වෙත ලබා දුන්නේය.

කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයේන් ගලවා ගැනීම සිදු වූයේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 වසරේදී අගමැතිධුරය ලබමින් සිටියදී පැවැත්වූ සාම සාකච්ඡාවල ප්‍රතිපළයක් ලෙසිනි. එල්ටීටීඊ සංවිධානයේ යුධමය ශක්තිය අඩකින් පමණ අඩුවූයේ කරුණා අම්මාන්ගේ වෙන් වීමෙනි.

එල්ටිටීඊ වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන් වුනු කණ්ඩායමක් වන දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු දේශපාලනයට පිවිසියේය.

Last modified on Monday, 12 January 2015 10:10

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us