ජනතාව කොල්ල කෑ බැසිල් නාමල් කබ්රාල් අල්ලස් කොමිසමට

Published in පුවත්
Monday, 12 January 2015 15:28

දූෂිතයින් මේ වන විට රට හැර යමින් සිටිනා බවත්, ඔවුනට නිදැල්ලේ රට හැර යාමට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුලූ පිරිසකට එරෙහිව හෙට දිනයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවයි.

"ඔවුන් කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජනතාවගෙන් කොල්ල කෑ ධනය විදේශගත කරමින් සිටිනවා. මෙවැනි කි‍්‍රයාමර්ගවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විමසිලිමත්භාවයකින් කටයුතු කරනවා. එහි පළමු පියවර වශයෙන් ජනවාරි 13 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ අජිත් නිවාඞ් කබ්රාල් යන අයට එරෙහිව පැමිණිලි ගොණු කරනවා. ඒ වගේම හෙජින් ගිවිසුමට අදාලවත් පැමිණිලි කරනවා. මේ වැනි දූෂිත පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී තවත් පැමිණිලි ගණනාවක් කිරීමට ලිපිගොනු සකස් කිරීමට නිරීක්‍ෂණ කටයුතුවල යෙදී සිටිනවා."

රජය ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන දින 100 වැඩපිළිවෙල සඳහා තම මැදිහත්වීම පිළිබඳවද ඔහු මෙහිදී පැහැදිළි කළේය.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us