සජින් වාස්ට නව රජයේ ඉඩ නෑ

Published in පුවත්
Tuesday, 13 January 2015 12:12

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් බලපිටිය ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13දා) විරෝධතාවක නිරතවූහ.

බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා, රුහුණු ජනතා පක්ෂයේ නායක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී අජන්තද සොයිසා යන මහත්වරු ද නීතිඥවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


මේ අතර සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක්කර ගතහොත් තමා සිරුරට ගිනි තබා ගන්නා බව පවසමින් එක් පුද්ගලයකු බලපිටිය බස් නැවතුම්පොලේ වහලේ උඩ වාඩි වි සිටියේය.

පසුව සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව හිටපු මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතාට දැනුම් දීමෙන් පසු දෙපැයක් තිස්සේ බලපිටියේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.පෙට්‍රල් බෝතලයක් රැගෙන වහළයට නැඟ සිටි මිනිසා ද වහළයෙන් බැස ඇත.


සජින් වාස් නව රජයට එක් කර නොගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.

a


සබැදි පුවත්
සනත්, සජින්වාස්, මෛත්‍රී පාලනයට එක්වෙති

Last modified on Tuesday, 13 January 2015 12:24

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us