සුවිශේෂී තීරණයකින් අධිකරණ අමාත්‍ය වැඩ අරඹයි

Published in පුවත්
Wednesday, 14 January 2015 11:42

සුවිශේෂී තීරණයක් ගනිමින් නව අධිකරණ අමාත්‍ය,විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

ඒ, සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ගත් තීරණය යි.මේ නිසා සුළු වැරදි සඳහා දඬුවම් ලබමින් සිටි පිරිසකට සහ වයස අවුරුදු 75ට වැඩි සිරකරුවන් පිරිසකට නිදහස හිමි වනු ඇත.

ඊට අමතරව, දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත වූවන් පිරිසක් ද අද දිනයේ නිදහස් කිරීමට නියමිත ය.


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති පදවිප්‍රාප්තිය සහ ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය පදනම් කරගෙන මෙම පියවර ගත් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


මේ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 65 දෙනෙකු නිදහස ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සෙසු බන්ධනාගාරවලින් ද සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට නියමිත ය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us