නෙළුම් කුළුණෙන් ඩොලර් මිලියන 50 ක ලාබයක් අනූෂ පැල්පිටට ! Featured

Published in පුවත්
Thursday, 15 January 2015 09:20

දකුණු ආසියාවේ විශාලතම සංනිවේදන කුළුණ ලෙස මේ වන විට කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ගොඩ නැ‍ඟෙමින් තිබෙන නෙළුම් කුළුණ ගනු දෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ - TCRSL අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා හා තවත් කිහිප දෙනෙකු අමරිකානු ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් අයතා ලෙස උපයාගෙන තිබෙන බව එම කොමිසමේ නිළධාරීන් හෙළි කර සිටී.

මෙම සංනිවේදන කුළුණ ඉදිකිරීමේ යෝජනාව ගෙන ආවේ එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා කටයුතු කළ සමයේදීය. එවකට එහි ඇස්තමේන්තුව වූයේ අමරිකානු ඩොලර් 60 කට ආසන්න මුදලකි. මෙහි ඉදිකිරීම කරන චීන සමාගම හා එම ගනුදෙනුව සම්බන්ධයෙන් එකඟතාවයට ද පැමිණි තිබිණි.

එහෙත් 2010 ජනාධිපතිවරණයෙන් පසුව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ අනුෂ පැල්පිට මහතා එම එකඟතාවය වෙනස් කරමින් ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 104.3 (රුපියල් කෝටි 1147.3 ක) මුදලක් ලෙස අලුත් ගිවිසුම් සකස් කර මෙම ව්‍යාපෘතිය ආරම්බ කරන ලදී. මෙලෙස ඇස්තමේන්තුව වැඩි වූවද කුළුණේ යෝජිත සැලස්ම හෝ වෙන යම් කිසිවක් හෝ වෙන්ස කිරීමකට බඳුන් වූයේ නැත.


රාජපක්ෂ පාලනය සමයේ චිනය සමඟ වූ කූට ගනුදෙනු වෙනුවෙන් සුපුරුදු ලෙස යොදා ගනු ලැබු චින රජයට අයත් එක්සිම් (EXIM) බැංකුව හරහා මෙහි පිරිවැය අධික පොලී මුදලක් සහිත ණයක් ලෙස ලබා ගන්නා ලදී. මෙම ඉදිකිරීම සඳහා චීන රජයට අයත් CEIEC , ALIT සමාගම් දෙක යොදා ගත් අතර මෙම සමාගම් දෙක තොරා ගනු ලැබුවේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

මීට මැදිහත් වූයේ එවකට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී.


මෙය පෑහැදිලිවම අයතා ලෙස මුදල් ඉපයීමක් බව පෙන්වා දෙන එම කොමිසමේ නිළධාරීන් මේ ගැන වහා පරීක්ෂණයක් පැවැත් විය යුතු බවත් තවත් චෝදනා ‍රැසක් එල්ල වී ඇති රාජපක්ෂවාදී අන්ත දූෂිත නිළධාරියකු වන අනුශ පැල්පිට මහතාව වහා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කරති. මෙම කොමිසමේ සභාපතිවරයාවා සිටියේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාය. ඔහු සම්බන්ධයෙන්ද චෝදනා ‍රැසක් එල්ල වී ඇති බවත් එම නිළධාරීන් පෙන්වා දෙත්.

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් රජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට රුපියල් මිලියන 600ක් සිල් රෙදී මෙම කොමිසමේ මුදලින් ලබා දුන් බවත් හෙලිව ඇත.

එමෙන්ම මෙම කොමිසම මඟින් නාරහේන්පිට ඇල්විටිගල මාවතේ අංක 276 දරණ ගොඩ නැගිල්ල බදු ගෙන ජනාධිපතිවරණයේ අන්ත්ර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථායක් පවත්වාගෙන ගියෙය. මේ සම්බන්ධයෙන් අප විසින් මීට පෙර කිහිපවතාවක්ම පෙන්වා දුන් අතර මෙම මධ්‍යස්ථායට අලුත්ම පරිගනක 40 කා තවත් නවීන තොරතුරු තාකෂණික උපකරන ‍රැසක් එක්කර තිබිණි.

ජනධිපතිවරණ වෙනුවෙන් වූ වෙබ් අඩවි ගනනවක් මෙහිදී මෙහෙය වූ අතර කෙටි පණිවිඩ යැවීම මෙන්ම අන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම හැක් කිරීම ආදිය සිදු කෙරිණේ මෙම ස්ථානයේ සිටය.එමෙන්ම විශේෂිත පුද්ගලයන් සියයගන්නකගේ දුරකතන පණිවිඩ වලට සවන් දීමත් පටිගත කිරීමත් මෙහිදී සිදු කර තිබේ.


මෙහි වඩාත බිහිසුණු කටයුත්තක් ලෙස කිරීමට සැලසුම් කර තිබුණේ ජනාධිපතිවරන ප්‍රතිපළ වෙනස් කිරීම සඳහා ගත් උත්සාහයයි. ඒ මැතිවරන කොමසාරිස් වරයාගේ ක්‍රියා මාර්ග නිසා අසාර්ථක වූ නමුදු මේ වෙනුවෙන් කෝටි ගනනාවක බර පැනක් දරා ඊට අදාල තකෂ්ණික උපකරන හා විශෙෂඥයන් ගෙන්වාගෙන තිබිණි.

මෙහි සේවය කල පුද්ගලයන් ලැයිස්තුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අංශයේ විශේෂඥායන් 10 දෙනෙකුද ඇතුලත්ව සිටීම විශෙෂත්වයකි. මැතිවරණ කොමසාරිස් වරයා සිය පරිගනක මෙහෙයුම් සඳහා සහය ලබා ගෙන තිබුණේද මෙම පිරිසෙන් බවද මේවන විට හෙළිව තිබේ.

එමෙන්ම මේ සඳහා සේවයට ගත් කොමිසම් සභාවට අයත් නැති පිට්ස්තර පුද්ගලයන්ට නොවැම්බර් මාසයේ දින යොදා එම කොමිසමේ ‍රැකිය සාඳහා පත් වීම් ලිපි ලබාදීමද මීට දින කිහිපයකට පෙර සිදුව තිබේ.

කෙසේ නමුත් මෙම නාරහේන්පිට ගොඩ නැගිල්ලේ තිබු සියලු උපකරන මේ වන විට කොමිසම වෙත ගෙනවිත් ඇති අතර එම ගොඩ නගිල්ල වසා දැමීමට කටයුතු කරද ඇත.

එමෙන්ම ඉතා කෲර පාලකයකු ලෙස ප්‍රසිද්ධ අනූෂ පැල්පිට මහතාගේ ක්‍රියා කාලපයන් නිසා එම ආයතනේ සේවය කළ අජිත් කරුනාරත්න නම්නිළධාරියකු පසුගියදා එම ආයතනය තුලදීම පැල්පිට ගේ පීඩනය දරා ගත නොහැකිව හෘදයාබාධයක් වැලදී මිය ගියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us