ජනපතිගේ බලතල කපන පනත 21 දා මැතිසබයට

Published in පුවත්
Saturday, 17 January 2015 20:08

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා (21 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සමඟම දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අගමැතිවරයා සහ ඇමැති මණ්‌ඩලය හරහා පාර්ලිමේන්තුවට බලය පැවරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යqහයක්‌ ස්‌ථාපිත කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩසටහන ක්‍රියාවට නංවමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරේ.

ස්‌වාධීන අධිකරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන අල්ලස්‌ කොමිසම හා ස්‌වාධීන මානව හිමිකම් කොමිසම බලාත්මක
වූ දාහත්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අක්‍රීය කරමින් සහ දෙවරකට වඩා වැඩි වාර ගණනක්‌ ජනාධිපතිවරයාට එම ධුරය සඳහා තරග කිරීමට අවස්‌ථාව ලබාදෙමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ගෙන ආ දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ද 21 වැනිදා පාර්ලිමේන්තුවට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් කෙරේ. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනය වනු ඇත.

ඒ අනුව පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය මෙම මස 21 වැනිදා ආරම්භ වන බව ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය. එමෙන්ම පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් හා සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම අනිද්දා (20 වැනිදා) පාර්ලිමේන්තුව රැස්‌ වූ අවස්‌ථාවේදී සිදු කෙරෙනු ඇත.

divaina

Last modified on Saturday, 17 January 2015 20:12

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us