විදුලි සංදේශ නියාමන කොමිසම, අනූෂ පැල්පිටගේ ගෝලයාට බාර දෙයි.

Published in පුවත්
Monday, 19 January 2015 15:35
විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවට ඔහු සමඟ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කූටාලීකම් කළ එම ආයතනයේම හිටපු අධ්‍යක්ෂවරයකු වූ යූ. එච්.සී. ප්‍රියන්ජිත් නම් තැනත්තා පත් කර තිබේ. මොහුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස,  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීමට මේවන විට  සිදු කරමින් ඇති අතර මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න හෙළි නොවේ. 
 
පසුගිය මැතිවරණ සමයේදී ජනාධිපතිවරණ ප්‍රතිපළ වෙනස් කිරීම කුමන්ත්‍රණය හා  අන්තර්ජාල ප්‍රචාරක කටයුතු ,  අනූෂ පැල්පිට හා මෙම කොමිසමේ සභාපති ලලිත් වීරතුංගගේ මෙහෙය වීම මත සිදු වූ අතර එහි සැලකිය යුතු වැඩ කොටසක් සිදු කරනු ලැබුවේ මෙම ප්‍රියන්ජිත් නැමැත්තා විසින්ය.
 
එමෙන්ම මේ කටයුතු වෙනුවෙන් යොදාගත් (ඩෙස්ක්ටොප්) පරිගණක 40 කට ආසන්න  ප්‍රමාණයක්  පසුගියදා නරහෙන්පිට කාර්යාල ගොඩනැගීලේ තිබී කොමිසමේ ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් දමා තිබුණු අතර එම පරිගනක තොගය පසුගිය තයිපොංගල් දිනයේදී රහසිගතව එම ස්ථානයෙන් පිට කර තිබිණි. එම කටයුත්ත සිදු කර ඇත්තේද  මෙම ප්‍රියන්ජිත් නැමැත්තා විසින් බව හෙළිවේ. එසේම  කොමිසමේ මිලියන 60ක  මුදල් වැය කර මැතිවරණය වෙනුවෙන්  'සිල් රෙදී' බෙදා හරිනු ලැබීමේ කටයුත්ත සිදු කිරීමටද මොහු මැදිහත් විය.
 
 මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අලුතෙන්ම මිළදි ගත්  (i 7) ලැප්ටොප් පරිගනක තොගයෙන් 7 ක්  එම ආයතනයේම නිළධාරීන් 7 දෙනෙකුට අද දින බෙදා දී තිබේ.
 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us