වයඹ වැඩි සහය අලවතුවලට ! දයාසිරි හතර වටේටම මඩ ගහයි.

Published in පුවත්
Tuesday, 20 January 2015 08:26

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයේ කණ්ඩායම් නායක ජේ. සී. අලවතුවල මහතාට සහාය දීමට කැමත්ත ප්‍රකාශ කොට ඇත. ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ දිවුරුම් පෙත්සම් අභිනවයෙන් පත්වන ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මේ 14 දෙනාට අමතරව ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඇපකැප වූ මන්ත්‍රීවරු තිදෙනෙක් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙක් ද සිටිති.මේ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනාට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

මන්ත්‍රීවරු 48 දෙනෙකුගෙන් සමන්විත වයඹ පළාත් සභාවේ බහුතරයක් විපක්ෂයට සහාය දීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

මේ අනූව තමන්ගෙන් ගිලිහෙන බලය රර්ක ගැනීමට නොහැකිව සිටින මහ ඇමැති දයාසිරි ජයසේකර ගේ මාධ්‍ය ඒකකය විපක්ෂයේ හා විපක්ෂයට එක් වීමට නියමිත කණඩායමේ මන්ත්‍රීවරු ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කරමින් තිබේ. සමාජ ජාලා හා ඊමේල් පණිවිඩ යෝදා ගනිමින් ඊයේ දහවල් සිට මේ කටයුත්තේ ඔවුන් නිරතව සිටී.

පළාත් සභාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පළාත් සභා අමාත්‍යාංශ කාර්යාලයේ දී පැවැත්විණි.

විනාඩි 12කට පමණ සීමාවූ මේ සාකච්ඡා වටයට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණි.

කෙසේ වෙතත් පළාත් සභාවේ වෙනසක් ඉල්ලමින් වයඹ ජනතාව පෙළගැසී සිටිති.

Last modified on Tuesday, 20 January 2015 08:32

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us