හොඳම පැය තුන රුපවාහිනි හොරා ගෙන !

Published in පුවත්
Wednesday, 16 July 2014 10:03

බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන අද එක එක නාලිකා හොරා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසයි.

සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් වෙනුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ මාර / කළුබෝවිටියන මහ විදුහලේ පැවැති ආකල්ප සංවර්ධන වැඩ සටහනකට සහභාගී වෙමින් එසේ පැවසූ ඒ මහතා මෙසේද කීය.

'' බුද්ධිමතුන් බිහි කරන දවසේ හොඳම පැය තුන තමයි සවස 6, 7, 8 කියන්නේ. අද ඒක එක එක චැනල් හොරා අරගෙන. අම්මලා හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් ටෙලිනාට්‍ය බලනවා. අරක බැලුවොත් සල්ලි මේක බැලුවොත් සල්ලි කියලා කවුරු හරි ඇවිත් කීයක්‌ හරි දෙනකල් බලා ඉන්නවා. මේවා අත්හැරලා අම්මලා දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න ඕනෑ. අද සමාජයේ පොඩි මිනිස්‌සුන්ගේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම දේ අධ්‍යාපනය පමණයි.

අම්මලා රූපවාහිනිය බලන එක නවත්තලා ඒ වෙලාවේ දරුවොත් එක්‌ක පාඩම් වැඩ කරන්න.

 


පහේ ශිෂ්‍යත්වයෙන් වැඩක් නැහැ !

පහේ ශිෂ්‍යත්වයෙන් දරුවා ගොඩදාන්න දෙමාපියන් නැහුණත් ඒකෙන් සමත් වෙන දරුවා ඊළඟ විභාගෙන් පසුබානවා. අද රටේ ඉහළ තැන්වල ඉන්න සාර්ථක අය ශිෂ්‍යත්ව විභාගය ෆේල් වුණ අය. මමත් අද මේ තත්ත්වයෙන් ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයට එදා මම මැරුණේ නැති නිසයි. විභාගය කියන්නේ දක්‍ෂතාවය මනින එකක්‌ නෙමෙයි. දරුවෙකුට ගහ ගහා උගන්වලා වැඩක්‌ නෑ, දරුවාට යහ ගුණය කියන එකත් උගන්වන්න ඕනෑ. දරුවාට අධ්‍යාපනයේ වටිනාකම කියලා දෙන්න ඕනෑ.'' යයි ද අත්තනායක එම්. හේරත් මහතා වැඩිදුරටත් පැවසිය.


මෙම ආකල්ප සංවර්ධන වැඩසටහනට සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් දහසකට අධික පිරිසක්‌ සහභාගී විය.

(මුලාශ්‍රය- දිවයින)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us