දීමුගේ පුතාට ඇප(update)

Published in පුවත්
Wednesday, 21 January 2015 12:29

හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.

සැකකරුවන් ගම්පොළ පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට අද ඉදිරිපත් කෙරිණ.

එහිදී එක් අයෙකුට රුපියල් 50,000 මුදල් ඇප හා ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැරුණු අතර නැවත නඩු විභාගය මාර්තු 20 වැනිදාට නියම විය.

පක්ෂ කාර්යාලයට හානි කිරීම, අයුතු ඇතුළුවීම හා වෙඩි තබා බියවැද්දීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.

මෙම සිද්ධියට අදාළව මී‍ට පෙරාතුව ගම්පොළ නගර සභාවේ මන්ත්‍රී දර්ශන නයන තරංග යන අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

 

හිටපු අගමැති පුතාත් අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු වන අනුරාධ ජයරත්න මහතා අද(21) පෙරවරුවේ පොලිසියට භාරවූයේය.

ඔහු හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුතණුවන් වේ. අනුරාධ ජයරත්න මහතා මෙලෙස පොලිසියට භාරවුයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් සම්බන්ධයෙනි. ප‍්‍රශ්න කිරීම්වලින් පසු අද (21)පස්වරුවේ ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවේය.

ඔහු සමග උඩපළාත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්, ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හා ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙක් ද උසාවියට බාරවී තිබේ.

සැකකරුවන්ට මීට පෙර උසාවියට බාරවන ලෙසට නියෝග නිකුත් කර තිබූ නමුත් ඔවුන් උසාවියට බාරනොවීම නිසා ගම්පොළ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විදේශ ගමන් තහනම් කරමින් පසුගියදා නියෝගයක් නිකුත් කරන ලදී.

ඉකුත් දෙසැම්බර් 31 වැනි දින රාත්‍රියේ ඩිෆෙන්ඩර් රථ ඇතුළු වාහන 7 කින් 20කට අධික පිරිසක් පැමිණ ගම්පොළ - නුවර පාරේ පිහිටි එම කාර්යාලයට පහරදී ගිනි තැබීමට උත්සාහ දරා ඇතැයි ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබිණ.

Last modified on Wednesday, 21 January 2015 14:54

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us