ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

Published in පුවත්
Thursday, 22 January 2015 14:35

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.

එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us