රාජපක්ෂ පාලනයේ දූෂණ හොයන කමි‍ටුව.. සෙල්ලං නෑ!

Published in පුවත්
Friday, 23 January 2015 10:20
පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ. 
 
දූෂණ විරෝධි කමිටුව ලෙස හඳුන්වා දී ඇති මෙම කමිටුව ජාතික විධායක සභාවේ නිර්දේශ මත පිහිටුවීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්ය. 
 
අග්‍රාමාත්‍යවරයා සභාපතීත්වය දරන කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්වරුන් කටයුතු කරයි. 
 
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අදාළ කමිටුවේ සාමාජිකත්වය දරයි. 
 
මෙම කමිටුවට සමගාමීව ක්ෂණික ප්‍රතිචාර කමිටුවක්ද ස්ථාපිත කර ඇති අතර එහි සම්බන්ධිකාරක වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us