මෛත්‍රී අයියා මල්ලීට වළ කපයි ! පොළොන්නරුවේ වැලිගොඩ දැමීම තහනම් Featured

Published in පුවත්
Friday, 23 January 2015 13:26

පෙබරවාරි 01 වනදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

දිවයිනේ වැලි ගොඩ දැමීමට සුදුසු සහ නුසුදුසු ප්‍රදේශ මොනවාද යන්න පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙසේ නමුත් පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් වඩාත්ම චෝදනාවට ලක්වූයේ ජනාධිපතිවරයාගේ සොහොයුරෙකි. වැලි රාජු නමු ඔහු ප්‍රකටය. වැලි ව්‍යාපාරය සම්බන්ධයෙන් මා‍ෆියාවක් ඔහු පවත්වාගෙන යන බවට පසුගිය ජනාධිපතිවරනය අතර තුර හිටපු ජනාධිපතිවරයාද චෝදනා කර තිබිණි.


මේ අතර දේශිය මැණික් කර්මාන්තය විදේශ සමාගම් වලට පවරාදීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දේශිය මැණික් කර්මාන්තය රැක ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා කියයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ මැණික් ගැරීමට කිසිදු විදේශ සමාගමකට හෝ විදේශිකයකුට ඉඩ නොදිය යුතු අතර ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇත්නම් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us