වැලිකඩ සංහාරය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්‌

Published in පුවත්
Saturday, 24 January 2015 08:22

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා විශේෂ කාර්ය බළකාය අතර 2012 නොවැම්බර් මස 09 වැනිදා ඇති වූ ගැටුම පිළිබඳව නිසි විමර්ශනයක්‌ සිදුකර මියගිය හා වින්දිතයන් බවට පත් වූ අයට සාධාරණයක්‌ ඉටුකිරීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඊයේ (23 දා) පත්කර තිබේ.

මීට පෙරාතුව පත්කර සිටි ත්‍රිපුද්ගල කමිටුවට ප්‍රධාන කරුණු තුනක්‌ යටතේ විමර්ශනය කරන ලෙසට දන්වා තිබුණ ද එම සිද්ධියට වගකිවයුතු නිලධාරීන් සහ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා නිසි බලයක්‌ ප්‍රධාන පත්‍රයේ සඳහන් නොවීම නිසා එම කමිටුව පත්කිරීමේ පරමාර්ථය ව්‍යර්ථ වී ඇතැයි ද ඇමැතිවරයා කළ නිරීක්‍ෂණවලදී පෙනී ගොස්‌ තිබේ.

ඒ අනුව අලුතින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙහි සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා ද, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්‌පති අශෝක විඡේතිලක මහතා සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරි නීතිඥ එස්‌. කේ. ලියනගේ මහතා ද සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මෙම ගැටුමේදී රැඳවියන් විසිහත්දෙනකු මියගොස්‌ , විසිදෙනකු තුවාල ලැබූ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිපදෙනෙක්‌ ද තුවාල ලැබූහ. බන්ධනාගාරයේ රජයේ දේපළවලට ද හානි සිදුව තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා කලින් පත්කර තිබූ ත්‍රිපුද්ගල කමිටුවේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා සභාපති ලෙස කටයුතු කළ අතර සාමාජිකයන් ලෙස කටයුතු කළේ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්‌පති නීතිඥ ගුණසේන තේනබදු මහතා සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ලෙස කටයුතු කළ ලලිත පී. අන්ද්‍රාහැන්නදි මහතාය.

කලින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුව එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් හෙළිදරව් කරනු වෙනුවට වගකිවයුත්තන් හෙළිදරව් නොවන ආකාරයට එම වාර්තාව සකස්‌ කර ඇතැයි ද නිරීක්‍ෂණය වී තිබේ.


divaina

Last modified on Saturday, 24 January 2015 08:29

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us