බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයේ තවත් සාක්ෂි එළියට ! Featured

Published in පුවත්
Saturday, 24 January 2015 14:16

ජනාධිපතිවරණයේ ප්‍රතිඵළ නිකුත් වෙමින් තිබුණු ජනවාරී 09 වන දිනයේ පාන්දර විශේෂ හමුදා සහ පොලිස් ක්‍රියාන්විතයක් සුදානම් කර පැවැති බවට හෙළිවන ලියැවිල්ලක් ලංකා ඩේලි වෙත ලැබී තිබේ.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත්) අනුර සේනානායක ගේ අත්සනින් යුතුව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරනු ලබන නියෝගයක් අනුව මේම කුමන්ත්‍රණය සිදුවෙමින් පැවැති දින පාන්දර හමුදා, පොලිස් බල ඇණි ‍රැසක් කොළඹ නගරයේ විශේෂිත ස්ථාන ‍රැසක ස්ථාන ගත කිරීමට සූදානම් වී ඇත.

ඒ අනුව විශේෂ අරක්ෂාවක් අවශ්‍ය ස්ථාන හා ඊට යොමුකළ යුතු පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව හමුදා මැදිහත්වීම සිදුවන ආකාරය මෙම කැරළි මර්දන එකක 5ක් හා ජල විදින යන්ත්‍ර 10ක් සූදානමින් තැබීම ආදියත් සටහන්ව ඇත.

මෙම සැලැසුම පොලිස්පතිවරයාද කළින් දැනුවත්ව සිට ඇත. එමෙන්ම මේ 08 වන දින දහවල් කාලයේදීම සකස් කල වැඩපිළිවෙලක් බවද හෙළිවේ.

කෙසේ නමුත් කොළඹ අසාමාන්‍ය ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකාඩේලී 08 වන දින සවස අනාවරණය කළේය. (එම පුවත: පැ‍රැදුනත් යන්නේ නෑ වගේ ! අරලියගහ මන්දිරයට 3000ක් පොලිස් බල ඇණියක් කැඳවයි !! )

anura-senanayaka-letter-1anura-senanayaka-letter-2anura-senanayaka-letter-3

Last modified on Saturday, 24 January 2015 14:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us