ජාතික චිත‍්‍රපට සංස්ථාවේ දෙමළ නම ගැලවේ

Published in පුවත්
Thursday, 17 July 2014 08:54

ජාතික චිත‍්‍රපට සංස්ථා නාම පුවරුවේ ‘‘ජාතික චිත‍්‍රපට සංස්ථාව’’ යනුවෙන් දමිළ භාෂාවෙන් සඳහන් කර ඇති වචන දැනට මාසයක පමණ කාලයක සිට එම නාම පුවරුවෙන් ගැලවී ඇත. සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් එම නම මේ වන විට එහි දක්වා තිබේ.

මීට පෙර දමිළ භාෂාවෙන් ‘‘ජාතික චිත‍්‍රපට සංස්ථාව’’ යනුවෙන් සඳහන් කර තිබූ නමෙහි දෙමළ අකුරු අදාළ පුවරුවෙන් ගැලවී තිබුණ ද පෙර අකුරු අලවා තිබූ මැලියම් පවා තවමත් එහි දක්නට ඇත.

ඒ සම්බන්ධයෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතාගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ, දෙමළ අකුරුවල පවතින දෝෂයක් හේතුවෙන් එය භාරගෙන ඇති කොන්ත‍්‍රාත්කරුවාට භාරදී ඇති බවයි. කිහිප අවස්ථාවක්ම එය නිවැරදි කළත් එම වරද නිතර නිතර සිදුවන බවද ඔහු පැවසිය. අවස්ථා දෙකකදී නිවැරදි කිරීම සිදු කළත් එය නිසිආකාරයෙන් සිදු නොමැති බවත් හැකි ඉක්මනින් නිවැරදි කිරීම සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

ජාතික චිත‍්‍රපට සංස්ථාව පිහිටා ඇති කොළඹ 07 බෞද්ධාලෝක මාවත ප‍්‍රදේශය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක්වෙමින් පවති. එවැනි ස්ථානයක පිහිටි මෙවැනි රාජ්‍ය ආයතනයක නාම පුවරුවේ මාසයක පමණ කාලයක සිට දෝෂ පැවතීම හාස්‍යයට කරුණකි.

(නෙත් එෆ්.එම්)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us