බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ?

Published in පුවත්
Monday, 26 January 2015 07:32

ජනාධිපතිවරණයෙන් පසු රට හැර ගිය හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය ඇතුළු දූෂණ චෝදනා හේතුවෙන් රට හැර ගොස්‌ සිටින පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව වහාම මෙරටට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

මේ අයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධව විමර්ශනය කරගෙන යන බවත් එම කටයුතු අවසන් වූ වහාම ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මහජන සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

පසුගිය පාලන සමයේ දූෂණ හා අක්‍රමිකතා සිදුකළ මැති ඇමැතිවරුන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පැමිණිලි දිනපතා ලැබෙමින් පවතින බව පැවසූ ජෝන් අමරතුංග මහතා මේ සියලු දෙනාට එරෙහිව නීතියෙන් දඬුවම් කරන බව අවධාරණය කළේය.

ඒ කෙසේ නමුත් මේ දක්වා රාජපක්ෂ පවුලේ හෝ එම ඥාතීන් කිසිවකුට හො පසුගිය කාලයේ විපක්ෂයෙන් එල්ලවූ කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන අතර මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වෙමින් තිබෙන බව පෙනෙක්කනට තිබේ.

Last modified on Monday, 26 January 2015 07:32

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us