ජනවාර්ගික ගැටළුවට යළි තේරීම් කාරක සභාවක් අවශ්‍ය නෑ - සුමන්තිරන්

Published in පුවත්
Monday, 26 January 2015 16:38
හිටපු ජානාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය යට‍තේ පත්කළ පාර්ලීමේන්තු තේරීම් කාරකසභාව යලි පත්කිරීමට අවශ්‍ය නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි. 
 
ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මන්ත්‍රීවරු 31 දෙනෙකු ඇතුලත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පිහිටුවන ලදි. එයට සිංහල ජාතිකවාදී අදහස් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඇතුලත්වීම හා එය විසඳුමක් වෙනුවට කල් මැරීමේ  ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා එයට දෙමළ ජාතික සන්ධානය සහභාගි වූයේ නැත.
 
 ආණ්ඩු පෙරලියෙන් පසු මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අවලංගු  වී ඇති අතර නව රජය විසින් එම පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව යලි පත්කර, එමගින් ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පවසයි. 
 
නමුත් දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුවෙන් එකීය රාජ්‍යක් තුළ බලය බෙදා හැරීමේ විසඳුමක් අපේක්ෂා කරන අතර පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ 13 වන ව්‍යවසථා සංශෝධනයට අනුකූලව එම ගැටළුව නිරාකරණය කරන බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us