එක්නැලිගොඩ ගැන නව රජයට වගක් නෑ

Published in පුවත්
Tuesday, 27 January 2015 11:08

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීම සඳහා නව රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඇය ඉල්ලා තිබේ.

2010 වසරේදී පැවති ජනාධිපතිවරණයට දින 2 ක් තිබියදී එනම් ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ දින සිට වසර 5ක් යනතුරු ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීමට පසුගිය ආණ්ඩුවට නොහැකි වූ බව ඒ මහත්මිය, ඔහුගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු වී බලයට පැමිණ නව රජයද ඔහු අමතක කර ඇතැයි සඳහන් කළාය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වූ දින සිට මේ දක්වා ගතවූ වසර 5 තුළදී තමාට සහ දරු දෙදෙනාට දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීමට සිදුවූ බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.

ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණයක් පවත්වන බවට ඉකුත් දිනකදී රජය ප්‍රකාශ කර තිබුණද, අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධව සඳහනක් නොවූ බවත් ඔහු අමතක කර ගැනීමට සමහරුන්ට උවමනාවක් ඇතැයි එමගින් පැහැදිලි වන බවත් ඇය ප්‍රකාශ කළාය.

පසුගිය සිකුරාදා (23දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිහිකිරීමේ වැඩසටහන සමහර පිරිස්වලට අමතකව තිබුණු බවද ඇය කියා සිටියාය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us