ලංකා පුවත් ආයතනයේ ප්‍රශ්නයක් නැහැ

Published in පුවත්
Wednesday, 28 January 2015 15:40

ලංකා පුවත් ආයතනයේ මේවන විට ඇතිවී ඇති තත්වය පිළිබඳව පසුගියදා අප විසින් පළ කළ 'කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි'නමින් වූ පුවතේ සඳහන් වූ කරුණු සාවද්‍ය බව සඳහන් කරමින් එම ආයතනයේ පරිපාලන කලමනාකාරවරියගේ, ප්‍රවෘත්ති කර්තෘවරු දෙදෙනකුගේ හා තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ අත්සනින් යුතුව පිළිතුරු ලිපියක් අප වෙත එවා ඇත.

ඒ පහත දක්වා ඇත.

01

02


අපගේ ප්‍රති උත්තරය:

අප මෙම පුවත පල කිරීමෙන් බලාපොරොත්තු වූයේ අර්ධ රාජ්‍ය සමාගමක් වූ එම ආයතනය වත්මනෙහි මුහුණ පා තිබෙන තත්වය පිළිබඳව ඊට රාජ්‍යය වෙනුවෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීමය. ඒ එහි සේවක සේවිකාවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදිය.

කෙසේ නමුත් මේ වන විට එම ආයතන බලධාරීන් තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බව එම සේවකයින් වෙනුවෙන් පවසන්නේ නම් ඒ ගැන අපිද සතු‍ටු වෙමු.


එමෙන්ම මෙම පිළිතුරු ලිපියෙහි සඳහන් ආකාරයෙන් මෙහි හිටපු සභාපති මහින්ද ඉලේපෙරුම මහතා කාන්තාවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් හෝ විශේෂ ස්ථානයක් හෝ ලබා දුන් බවක් අප පුවතේ සඳහන් නොවේ. අප සඳහන් කළේ 'ඉලේපෙරුම යුගයේදී මෙම ආයතනය තුල කාන්තාවන් සදහා විශේෂ ස්ථානයක් ලබා දී ' තිබුණු බවය. එය ඉලේපෙරුම විසින් කළේද වෙනත් කවුරුන් හෝ විසින් සිදු කළේද යන්න අපි නොදනිමු.

කෙසේ නමුත් ඔබ පිළිතුරු ලිපිය අනුව ඉලේපෙරුම මහතා කාන්තාවන්ගේ ගෞරවය ආරකෂා කිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අපිද අගය කරමු.

එමෙන්ම සභාපතිවරයා විසින් ඔහුගේ පෞද්ගලික දැන හැඳුනුම්කම මත සේවක සේවිකාවන් බඳවාගෙන ඇති බවද අපි සඳහන් නොකෙළෙමු.

 

Last modified on Thursday, 29 January 2015 11:16

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us