අගවිනිසුරු ඉවත් කළ ක්‍රමය අනුමත කළ නොහැකියි. - සරත් එන් ද සිල්වා

Published in පුවත්
Thursday, 29 January 2015 07:55

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කළ ආකාරය බලශුන්‍ය යැයි කියන්නේ නම් වසර දෙකක කාලයක් පුරා ඔහු දුන් නඩු තීන්දු ද බල රහිත වන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අගවිනිසුරුවරයා ඉවත්කිරීමට අනුගමනය කළ ක්‍රමය තමා කිසිසේත් අනුමත නොකරන බව ද කීය.අධිකරණයේ ඉහළම තනතුර මේ ආකාරයෙන් බාල්දුවීමක් එම තනතුර ප්‍රතිෂ්ඨාපනය කළ 1802 වසරේ සිට මේ දක්වා වූ ඉතිහාසයේ කිසිම විටෙක සිදුවී නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

මෙම සිද්ධිය තුළින් අවිනිශ්චිත අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන අතර යම් ක්‍රියාවක් නීත්‍යනුකූලව කරනු මිස හදිසියේ කරන්නට යාම නිසා අර්බුදකාරී තත්ත්වයන් උග්‍ර වන බවත් කීවේය.

අධිකරණ ක්‍ෂේත්‍රයට පවතින මහජන ගෞරවය හා විශ්වාසය පළුදු වී යාමට මෙවැනි තත්ත්වයන් හේතු වන අතර මතු අනාගතයෙහි නඩු විසඳීම්වලට පවා බියක් ඇතිකරවන බවත් සරත්නන්ද සිල්වා මහතා කියා සිටී.

නඩු විසඳීමේ ක්‍රියාවන්හි යෙදුනු ඉහළ තනතුරු දැරුවන් නීත්‍යනුකූල නොවන අයුරින් ඉවත් කිරීමෙන් ඇතිකරන තත්ත්වය යහපාලනයට පටහැනි වන අතර නීතියේ යහපාලනය බිඳ හෙළීමක් යැයි ද සරත්නන්ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

 

- rivira

Last modified on Thursday, 29 January 2015 07:56

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us