නිශාන්තට-අලුත්ගමගේට සංගාගෙන් දොස්

Published in පුවත්
Thursday, 29 January 2015 10:09

දැනට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට පිලේ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර කාල්ටන් බර්නාඩ් මහතා වෙත විද්‍යුත් තැපෑලක් මගින් යවන ලද ලිපියකින් ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු විවේනයකට ලක් කර ඇතැයි 'ක්‍රිකින්ෆෝ' වෙබ් අඩවිය සඳහන් කරයි.

වසර 2013 දී පැවැති චැම්පියන් ලීග් ශූරතාවලියට සුදුසුකම් ලැබූ අයි.පි.එල්. කණ්ඩායමක් වන සන්රයිස් හයිද්‍රබාද් පිලට ක්‍රීඩා කිරීමට එවකට එම කණ්ඩායමට බැඳී සිටි තමාට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව දුන් ලිඛිත අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු විසින් රඳවාතබාගනු ලැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර සිය විද්‍යුත් ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ.

චැම්පියන් ලීග් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ කඳුරට මෙරූන්ස් පිලේ සාමාජිකයකු වන තමාට එම ලිඛිත අවසරය ලබාදුන්විට කඳුරට මෙරූන්ස් පිලට ක්‍රීඩා නොකර තමා සන්රයිස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි සිතා එම නිලධාරියා මේ ක්‍රියාව සිදුකළ බව ද සංගක්කාර කියා සිටියි.

අවසානයේ දී සංගක්කාර කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කරමින් චැම්පියන් ලීග් ශූරතාවලියට සහභාගිවූ අතර මේ හේතුවෙන් අයි.පී.එල්. තරග ගිවිසුමට අනුව ඔහුට සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් ලැබිය යුතු අමෙරිකානු ඩොලර් 140,000කට ආසන්න මුදලක් අහිමිව ගියේය.

තමාට ‍ජාතික තේරීම් කමිටුවෙන් එවැනි අවසරයක් ලබා දී තිබූ බව දැනගැනීමට ලැබුණේ ඉතාමත් මෑතකදී බව ද ඔහු තම ලිපියේ සඳහන් කර ඇත.

කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ කඳුරට මෙරූන්ස් හා සන්රයිස් හයිද්‍රබාද් යන කණ්ඩායම් දෙකම චැම්පියන් ලීග් ශූරතාවලියට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඔහුට එම කණ්ඩායම් 2න් ඕනෑම කණ්ඩායමක් ‍තෝරා ගැනීමට ඇති අයිතිය 'රට සහ මුදල් අතර තෝරාගැනීමක්' ලෙස ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් ලේබල් ගත කිරීම හේතුවෙන් එම වසරේදීම අගෝස්තු මස සංගක්කාර හා නිශාන්ත රණතුංග මහතා අතර මත ගැටුමක් ඇතිවිය.

චැම්පියන් ලීග් ශූරතාවලිය ද අයි.පී.එල්.මෙන්ම මුදල් මත පදනම් වූ තරගාවලියක් වන අතර එය රටවල් නියෝජනය කරන තරගාවලියක්‍ නොවීය. එසේ තිබියදීත් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා කඳුරට මෙරූන්ස් පිලට එක්වී සිටින අයි.පී.එල්. ක්‍රීඩකයන් චැම්පියන් ලීග් ශූරතාවලියේ දී තම රට නි‍යෝජනය කරන කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු බවට යෝජනා කර තිබිණි.

කුමාර් සංගක්කාර තම ලිපියෙන් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට මෙන්ම පසුගිය රජයේ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

නිශාන්ත රණතුංග මහතා මෙන්ම හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ද අභිප්‍රාය වූයේ තමා අපහසුතාවට පත්කොට ජනතාව අතර තම කීර්තිනාමය කෙලෙසීමට බව ද සංගක්කාර සිය ලිපියෙන් කියා සිටී‍.

'මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක්. නමුත් එවැනි පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක්' මේ මස 21දාතමින් යුතුව සංගක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු වෙත යැවූ එම විද්‍යුත් ලිපියේ ඔහු එසේ කියා ති‍‍බේ.

'රට හෝ මුදල් පිළිබඳ කිසිදු තෝරාගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන චැම්පියන් ලීග් වැනි තරගාවලියක් සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් මට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හෝ මුදලට ක්‍රීඩා කිරීම තෝරාගැනීමට සිදුවී ඇති බවට මා වෙත පීඩනයක් එල්ල කොට මගේ කිර්තිනාමය කෙලෙසීමට ක්‍රිකට් ලේකම්වරයා උත්සාහ ගත්තේ ඇයි..? සිය ලිපිය මගින් සංගක්කාර විමසයි.

dinamina

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us