කොටස් වෙළඳ පොළේ අලුත් ධනවතුන් ගැන හොයයි

Published in පුවත්
Saturday, 31 January 2015 10:47
මෑත කාලයේ කොටස් වෙළඳපොළේ  බිලියන් ගනනින් මුදල් ආයොජනය කළ අලුත් ධනවතුන් ගැන සෙවීමට රජය තීරණය කර තිබේ. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දිගු කාලයක් නිරතව නොසිටි  මෙම  අප්‍රකට ව්‍යාපාරිකයන්ට මෙතරම් මුදල් ලැබීම සැකයට තුඩු දී තිබේ. 
 කොටස් වෙළඳ පොල නියාමනය සඳහා විනිමය සු‍රැකුම් කොමිසම විසින් පනවා තිබෙන රෙගුලාසි උල්ලංඝනය කරමින් මුද ආයෝජනය කිරීම ගැනද පැමිණිළි ‍රැසක් ලැබී තිබේ. 
 
අයථා මාර්ගයෙන් උපයා ගත් ධනය කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර  කළු සල්ලි සුදු කර ගැනීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති කටයුත්තකි. එමෙන්ම රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ බෝහෝ දූෂණ වංචා විවිධ අප්‍රකට පුද්ගල හා නව ව්‍යාපාර නාමයන්ගෙන් සිදුව තිබෙන බවද හෙළිව තිබේ.එවායේ සැබෑ හිමිකරුවන් සොයා ගැනීමද  මෙම විමර්ශනයේ අරමුණ වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us