පිළිකාව ජය ගැනීමට අපට බොහෝ දේ කල හැකිය- අද ලෝක පිළිකා දිනයයි

Published in පුවත්
Wednesday, 04 February 2015 08:41

ලෝක පිළිකා දිනය අදට යෙදී ඇත. පිළිකාව ජය ගැනීමට අපට බොහෝ දේ කල හැකිය යන්න තේමා කර ගනිමින් මෙවර ලෝක පිළිකා දිනය සමරනු ලබයි. පසුගිය වසරේදී පිලිකා රෝගීන් විසි හය දහස් තුන්සිය හතලිස් එක් දෙනෙකු මෙරට තුළ ලියාපදංචි වී ඇත.

ඒ මහරගම ජාතික පිළිකා ආයතනය, ගාල්ල කරාපිටිය, මහනුවර, අනුරාධපුරය, යාපනය, බදුල්ල, මඩකලපුව, කුරුණාගල සහ රත්නපුර යන රෝහල් වලය. මෙරට තුල බෝ නොවන රෝග අතර ප‍්‍රධාන තැනක් ද පිළිකා රෝගයට හිමිවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

ශ‍්‍රී ලංකාව තුල මුඛ, පෙනහළු, ගලනාල, මහාන්ත‍්‍ර සහ ගුදමාර්ග ආශ‍්‍රිත පිළිකා පුරුෂ පාර්ශවයට වැඩි වශයෙන් වැලදෙන බව අනාවරණය වී ඇත. කාන්තාවන් අතර පියයුරු,ගැබ්ගෙල,තයිරොයිඞ්, ඩිම්බකෝෂ සහ ගලනාල ආශ‍්‍රීත පිළිකා බහුල බවට තොරතුරු වාර්තා වේ.

දුම්කොළ, මත්පැන්, බුලත්විට භාවිතයෙන් වැළකීම සහ ක‍්‍රියාශිලි ජීවන රටාව පිලිකා රෝගයෙන් ආරක්ෂා වීම සදහා මුල් වන බව ජාතික පිලිකා මර්ධන වැඩිසටහන පෙන්වා දේ. පිලිකා රෝග කල් ඇතිව හදුනා ගැනීම වැදගත් වන අතර ඒ පිලිබද අවදානයෙන් පසුවීම ජනතාවගේ වගකීමක් බවද එම වැඩසටහන අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us