රුපියල් කෝටි 13ක සයිබර් මංකොල්ලයක්

Published in පුවත්
Tuesday, 10 February 2015 10:33

ඊමේල් පණිවිඩ හරහා විශාල මුදල් ගනුදෙනු කරන මෙරට ප්‍රධාන පෙළේ ආයතන හා අපනයන ව්‍යාපාරිකයන් පස්දෙනකු සංවිධානාත්මක සයිබර් කල්ලියකට හසු වී ඩොලර් ලක්ෂ 10කට අධික මුදලක් අහිමිකර ගෙන ඇති බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් කෝටි 13කට අධික බව ද ඒ මහතා සඳහන් කළේය.

එනම් මෙම ව්‍යාපාරිකයින් විසින් විවිධ විදේශ ආයතන සමග ගනුදෙනු සිදුකිරීමේ දී මුදල් හුවමාරු කර ඇත්තේ ඊමේල් පණිවිඩ හරහාය. එසේ ගනුදෙනු කරන විට කිසියම් අයකු විසින් අදාළ ආයතනය ලෙස පෙනී සිටිමින් තම ඊමේල් ගිණුම වෙනස් කළ බවත් ඒ නිසා තමාගේ අලුත් ගිණුමට මුදල් එවන ලෙසත් දන්වා ඊමේල් පණිවිඩ එවා ඇත.

පසුව මුදල් තැන්පත් කර භාණ්ඩ පැමිණෙන තෙක් බලා සිටියත් භාණ්ඩ පැමිණීම කල්යාම නිසා ඒ පිළිබඳ සොයා බැලීමේ දී එම මුදල් වංචාකරුවන්ට බැරකර ඇති බව පසුව හෙළිවී තිබේ. මේ ආකාරයෙන් ප්‍රධාන ව්‍යාපාරිකයන් 5 දෙනකු හසුවී ඇති බවත් ඔවුන් ඒ පිළිබඳ තම ආයතනයට පැමිණිලි කර ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් තවමත් මෙම සයිබර් වංචාකරුවන් කවුරුන්ද යන්න හෙළිවී නැත.

ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳ ‍පොලිසියට පැමිණිලි කිරීමට ද මෙම ව්‍යාපාරිකයින් සූදානම්ව සිටින බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


rivira

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us