ඇවන්ට්ගාඩ් සභාපතිට රට යන්න අවසර

Published in පුවත්
Tuesday, 10 February 2015 15:04

ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට කෙටි කාලයක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රුපියල් මිලියන 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඔහුට විදෙස් ගත වීමට අවසර ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඇවැන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා අද සිට ලබන 25 වනදා දක්වා විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඔහුට අවසර ලබා දෙන ලෙස නිශ්ශංක සේනාධිපති මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව කෙටි කාලයක් සඳහා විදෙස් ගත වීමට නිශ්ශංක සේනාධිපති මහතාට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ලබන මාර්තු මස 2 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us