දේශපාලන අනාථයෝ මහින්දගේ හෙවනැල්ලෙ හෝ එල්ලෙන්නයි හදන්නේ - ජවිපෙ

Published in පුවත්
Tuesday, 10 February 2015 15:43

දේශපාලන වශයෙන් අනාථවූවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල හෝ ගෙනවිත් ගොඩයාමට උත්සහ කරන බව 'බල පෙරළිය සහ ජනතා අභියෝග' මැයෙන් ඊයේ (09දා) සවස අනුරාධපුර දී ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධාන කළ මහජන රැළියේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ ඉවත් කළ යුතු බවත් රාජපක්ෂත්, රාජපක්ෂ පවුලත්, රාජපක්ෂ කල්ලියත් රට විනාශකාරී ගමනකට ඇදගන ගොස් ඇති බවත් ඔහු පැවසුවේය. මහජනයාගේ දේපළ හොරා කා නාස්ති කර අවභාවිතයේ යොදවා ඇති ප්‍රමාණය හෙළිවෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිගේ අන්තිම මාස එක හමාරේ කෑම බිල කෝටි 15 ½ ක් බවත් අනුර කුමාර මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

''දැන් රජයේ වාහන හම්බෙනවා තැන් තැන්වලින්, මේවා ඉඳි කටුද? පාර්ලිමේන්තුවේදී මම ඇහුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන කීයක් තියෙනවාද කියලා.රනිල් වික්‍රමසිංහ කියනවා දන්නේ නෑලු, සුමනදාසගෙන් අහන්නලු. දැනට වාහන 1503 ක් රාජපක්ෂ පාවිච්චි කරලා තියෙනවා. පවුලේ ඥාතියෝ, ලේකම්ලාට වාහන බෙදලා දීලා. දැන් මහජනතාව අහනවා මේ හොරකම් ගැන කියනවා විතරයි දඬුවම් දෙන් නැද්ද කියලා.''

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබා දෙන්නේ ජෝන් අමරතුංග, නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග ලබා දෙන්නේ විජේදාස රාජපක්ෂ, ජනාධිපති විමර්ශන ඒකකයට නියෝග ලබා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඔවුන් තම වගකීම නිසි ආකාරව ඉටු කරන තුරු, වංචාවේ දූෂණ යෙදුණ අයට දඬුවම් ලබා දීම වෙනුවෙන් කළ හැකි උපරිම බලපෑම සිදු කරන බවත් ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us