TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

Published in පුවත්
Wednesday, 11 February 2015 10:15

බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඊයේ (10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ අතර ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේය.

ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඊයේට දින 331කි. අත්අඩංගුවට ගැනීමෙන් පසු බූස්ස රැදවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු ඇයව පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කලාය. සුවිශේෂම කාරණය වන්නනේ, රාජපක්ෂ ආණ්ඩුවේ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් මුග්ද පනතක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ ජෙයකුමාරිව අත්අඩංගුවට ගත්තත් මේ දක්වාම ඇයට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට ත්‍රස්ථ නිළධාරීන්ට නොහැකි වී අැත.

අැයව අධිකරණයට කැදවූ අවස්ථාවේ, අධිකරණයට කරුණු දැක්වීමට පැමිණ සිටි රජයේ නිළධරියා සුපුරුදු පරිදි පවසා සිටියේ තවදුරටත් විමර්ශනය සිදුකරමින් යන බවය.

පසුගිය කාලය පුරාම එම නිළධාරින් පැවසූවේ මෙම කතාවම ය. දින 331 යනු සුලු කාලයක් නොවේ. එය ජෙයකුමාරිට පමණක් නොවේ. ඇයගේ දියණිය ට තම මව බැලීමට නොහැකිය. ජෙයකුමාරිට තම දියණිය විබූෂිකා බැලීමට නොහැකිය.

අම්මා හිර ගෙදරය. දියණිය පරිවාස භාරයේය.

සතියක්, මාසයක් නොවේ.. දවස් 331ක් ය.

එය දින 100 මෙන් තුන් ගුණයටත් වඩා වැඩිය. දින 100න් කළ හැකි බොහෝ දේ දකුණේ කතා කරමින් සිටින අතරේ දින 331ක් මවක් දියණියකගෙන් වෙන් කර ඇත. නව පාලනයේ ‘දින 100‘ වැඩසටහන තුල සෑම දිනක්ම පිළිබදව දකුණේ බොහෝ මිනිසුන් විමසමින් සිටින විට ජෙයකුමාරි, ජෙයකුමාරි මෙන් තවත් බොහෝ මිනිසුන් ගැහැණුන් සාධාරණය, යුක්තිය සහ නිදහස ඉල්ලමින් සිර මැදිරිවල දිවිගෙවයි. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ හඩ දකුණේ බොහෝ මාධ්‍ය තුලින් මතුවන්නේ නැත. එසේ වුවත් යහපාලනය, නීතියේ අධිපත්‍ය ගැන කතාකරන නව පාලනයට ඔවුන්ගේ හඩ ඇසිය යුතුය. ඔවුන්ගේ හඩට කන් දිය යුතුය. එසේ නොවුන හොත් යහපාලනය පිළිබද දකුණේ සිහිනය බොද වී යාමට වැඩිකලක් ගත වන්නේ නැත.

(විකල්ප)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us