තෙල් මිළ අඩු කළා කියා ආණ්ඩුව ජනතාව රවට්ටලා - ජනිපෙ

Published in පුවත්
Wednesday, 11 February 2015 10:51

‘තෙල් මිල අඩු කළා’ කියලා අද ජනතාව විශාල රැවටීමකට ලක්කර තිබෙනවා. මේ ආණ්ඩුව කීවේ තෙල්වලට එකතු කර ඇති සියලූ බදු ඉවත් කරනවා කියලයි. පෙට්රල්, ඞීසල් හා භූමිතෙල් සියලූ බදුවලින් නිදහස් කොට ලබා දෙනවා කියලයි මේ අය කීවේ, යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හි මොහොමඞ් මුසම්මිල් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියේය.

ඔහු වැඩිදුරතත් කරුණු දක්වමින් පැවැසූවේ,

නමුත් අද පෙට්රල් ලීටරයක් රුපියල් 117ට ලබා දෙන්නේ සියලූ බදු ඉවත් කොට නොවෙයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ වාසිය විතරයි මේ ආණ්ඩුව ජනතාවට ලබා දී ඇත්තේ. 2009දී ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 45-48 දක්වා අඩු වුණා.

ඒ අවස්ථාවේදී මේ රට පාලනය කරපු මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුව පෙට්රල් ලීටරයක් ජනතාවට ලබා දුන්නේ රුපියල් 115කට. අදත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 45 දක්වා අඩු වී තිබෙනවා.

මේ ආණ්ඩුව අදත් ජනතාවට පෙට්රල් ලීටරයක් දෙන්නේ රුපියල් 117කට. ඒ නිසා චම්පික රණවක ඇමතිවරයා පොරොන්දු වූ පරිදි සියලූ බදු ඉවත් කර ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන නැති බව ඉතා පැහැදිලියි. මේ ආණ්ඩුවේ අය-වැය සහ ඔවුන් ගෙන යන ක‍්‍රියාදාමය ජනතාව ‘ගොනාට ඇන්දවීමේ’ එකක් බව කිවයුතුයි.'


කෙසේ නමුත් පසුගියදා නව මුදල් ඇමැතිවරයා විසින් අඩු කරනු ලැබුවේ රාජපක්ෂ පාලනය යටතේ අධික බදු පනවා තිබු ඉන්ධන මිළය.


ඒ අනුව,150ක්ව පැවති පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.117 ක් දක්වා රු. 33කින් අඩු කර ඇත. රු. 158ක්ව තිබූ පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රු. 128ක් දක්වා රු. 30 කින් අඩු කර ඇත.

රු. 111ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රු. 95 ක් දක්වා රු.16කින් අඩු කර ඇති අතර රු. 133ක්ව පැවති සුපරි ඩීසල් ලීටරයක මිල රු. 110 දක්වා රු. 23 කින්ද අඩු කර ඇත.

මීට අමතරවල රු. 81ක්ව තිබූ භූමිතෙල් ලීටරයක් මිල රු 65 දක්වා රු. 16 කින් අඩු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us