රට රැකියාවේ වසර දෙක සම්පූර්ණ අයටත් ළගදීම පෙන්ෂන්

Published in පුවත්
Wednesday, 11 February 2015 12:10

ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරයි.

ඒ අනූව මීට අදාළ කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.

මේවන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 15ක් පමණ විදේශ රැකියාවල නිරතව සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ පහ හමාරක් පමණ සේවය කරන්නේ සවුදි අරාබියේය.

නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ විදේශ රැකියා නියුක්තිකයින්ට සහන සලසන බවද ප්‍රකාශ කර තිබිණ.

එසේම විදේශ රැකියා නියුක්තිකයින්ගේ අනේවාසික මුදල් ඉතුරුම් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය සියයට 2.5කින් වැඩි කිරීමටත්, විදේශ රැකියා නියුක්තිකයින් ලියාපදිංචි ගාස්තුව රුපියල් 226සිට 147 දක්වා අඩු කිරීමටත්, තීරණය කර ඇත.

ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ ඉතිහාසය 1970 දක්වා දිවයන අතර මෙරට ආදායමෙන් වැඩි කොටසකට ඔවුන්ගේ දායකත්වය ද සෘජුවම බලපායි.

එසේම විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යැවීම මගින් රැකියා ස්ථානවල සිදුවන ගැටලු අවම කර ගැනීමට ද අවධානය යොමුව ඇත.


විදේශ රැකියා නියුක්තිකයින්ට වි‍ශ්‍රාම වැටුපක් සකස් කරන බව නව රජයේ අතුරු වැයෙන්ද ප්‍රකාශයට පත්විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us