පක්ෂයද ? මහින්දද ? පළාත් සභා මන්ත්‍රීවරු කාලගෝට්ටියක(audio)

Published in පුවත්
Saturday, 14 February 2015 16:45

අද දින(14) කොළඹ ශ්‍රාවස්තිය ශාලාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක් කාඩකප්පල් කිරීමට රාජපක්ෂ මන්වාදී මන්ත්‍රීවරු පිරිසක් විසින් කටයුතු කර ඇති බව වාර්තාවේ.

දකුණු පළාත් සභ ඇමැති යු.ජි . ඩී . ආරියතිලක මහතා ප්‍රධානව පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් විසින් මීට පෙර කරන ලද සකච්ඡාවකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පරාජය වීමට හේතුව හා ඉදිරියේදී නැවත ජයග්‍රහණය කිරීම සඳහා වන කරුණු 6කින් යුතු වැඩ පිළිවෙලක් සිය පක්ෂ ප්‍රධානින් වෙත ලබා දීම සබන්ධයෙන් අද දින වැඩි දුරටත් සාකච්ඡා කිරීමට තවත් මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

මෙහිදී අරියතිලක මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණය පරාජය වීම පිලිගත යුතු බවත් එමෙන්ම ඒ කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක් පිට නොදමා ඒ සමස්ථයක් ලෙස පක්ෂය විසින් බාර ගත යුතු බවය. එමෙන්ම පක්ෂයේ ප්‍රමුඛ නායකයන් සියල්ල එකතුකර කටත් පිළි ගත හැකි පක්ෂ ප්‍රති සන්ධානයක් සිදු කළ යුතු බවත් විශේෂයෙන්ම මෙවර මැතිවරන ප්‍රතිපලය අනුව පැහැදිලිව පෙන්නුම් කරතිබෙන සුලු ජාතිකයන් පක්ෂයෙන් ඇත් වීම වලකා ගැනීමට වැඩ පිලිවෙලක් සකස් විය යුතු බවත් පක්ෂය තුල කල්ලි කණ්ඩායම් නිර්මාණයවීම වලක්වා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිලිවෙලක් සකස් විය යුතු බවත්ය. මේ සඳහා කරුණු 6ක් යුතු වැඩ පිලිවෙලක් ප්‍රසිද්ධ කෙරුණි.

එහෙත් මේ අවස්ථාවට සහභාගී වූ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරු පිරිසක් මෙම වැඩ පිළිවෙලට ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති අපෙක්ෂකයා වියයුතු බවට වන කරුණද එකතු කළ යුතු බවට යම් කළහාකාරිත්වයකින් අදහස් පළ කර තිබේ.

ඒ අවස්ථාවේදී ආරියතිලක මහතා පවසා ඇත්තේ නැවත වතාවක් පක්ෂය බේද බින්න වන යෝජනාවන්ට තමන් විරුද්ධ බවත් අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂද වෙනත් කෙනෙකුද යන්න යන්න තීරණය කිරීම පක්ෂයේ තීරනයක් බවත් නමුත් ඊට පක්ෂය කැඩී බීඳීයාම වලක්වා ගත යුතු බවත්ය කෙසේ නමුත් එම මතය එම කලහකාරී මන්ත්‍රීවරු පිළිගෙන නැති අතර එම සාකච්ඡාවද තීරණයක් නොමැතිව අවසන් විය.

ආරියතිලක මහතා දැක්වූ අදහස් හඬ පටය :

{soundcloud}https://soundcloud.com/lankadaily/ariyathilaka{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us