ජනපති ප්‍රථම විදෙස් සංචාරය අරඹයි

Published in පුවත්
Sunday, 15 February 2015 09:44

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සමග ඔහු සිය පළමු සංචාරයට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඞී.එම් ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද එම දූත පිරිසට ඇතුළත්ය. තෙදින නිළ සංචාරයක් ලෙස සැළසුම් කර ඇති මෙම අවස්ථාව විශේෂ අවස්ථාවක් ලෙස සළකා කි‍්‍රයා කිරීමට ඉන්දීය රජය සූදානම් වී සිටී. ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය අභිමානවත්ව නවදිල්ලි නුවරදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෙට දින ඉන්දීය ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. දේශපාලනික වශයෙන් මෙහිදී කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍යද වාර්තා කර තිබුණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර විමර්ශනය සහ දෙරට අතර නිරන්තරයෙන් ඇතිවන ධීවර ගැටළුව එහි ප‍්‍රධාන මාතෘකා අතර වේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම, කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ දැනට පවතින එකඟතාව මත ද්වීපාර්ශවික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගිවිසුම්වලටද අත්සන් තැබෙනු ඇත.

ලබන 17 වනදා බුද්ධගයා විහාරස්ථානය වන්දනා කිරීමටත් 18 වනදා තිරුපති කෝවිල වන්දනා කිරීමටත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස සූදානමින් සිටියි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ද ලබන මාර්තු මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us