හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්

Published in පුවත්
Thursday, 26 February 2015 09:55

විදේශ ගතව සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26)දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

රාජකාරී කටයුතු කිරීමේ දී තමාට තර්ජන එල්ලවන බව පවසමින් ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඔස්ට්‍රේලියාවට ගොස් එහි රැඳී සිටියේය.

අද දිනයේ දිවයිනට පැමිණෙන ඔහු විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද පස්වරුවේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත වන අතර එහිදී මෙම හෙළිදරව්ව සිදුකරනු ඇති බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්වීම් ලැබුවේය.

කෙසේ වෙතත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු හදිසියේම විදේශ සංචාරයක් මුවාවෙන් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය. තමන් මුහුණ දී සිටින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීමට එරට රජයෙන් ඉල්ලීමක් කළ බවට පසුගිය කාලයේ මතවාදයන් පැතිර ගිය අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පි‍්‍රශාන්ත ජයකොඩි මහතා යළි මෙලෙස දිවයිනට පැමිණීමට කටයුතු යොදා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us