සී අයි ඩීය මෙහෙයවන්නේ කවුදැයි දැයි සැකයක් Featured

Published in පුවත්
Friday, 27 February 2015 11:10

දූෂිතයන්ට එරෙහිව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිරික්සීමේදී එය යම් කණ්ඩායමක් විසින් පාලනය කරන තත්වයක් දකින්නට ලැබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. ‍තෝරා ගන්නා ලද කිහිප දෙනෙකු පසු පස පැන්නීම පමණක් සිදුවෙමින් තිබීම මේ තත්වයට හේතුවී තිබේ.

විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කණ්ඩායමක දේශපාලන වුවමනාවන් හා සමගාමිව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙන බවත් පසුගිය දිනවල එම දෙපාර්තමේන්තුවේ ක්‍රියා කරිත්වය ගැන සැක සහිත අවස්ථා කිහිපයක්ම දකින්නට තිබුණු බවත් ඔවුන් පෙන්වා දෙති.

විමල් වීරවංශ මහතාගේ බිරිඳ සම්බන්ධ කරණයේදී හා පෙර‍ටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සම්බන්ධ කාරණයේදී මෙන්ම තවත් සිදුවීම් කිහිපයකදී දේශපාලන මැදිහත් වීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුහූ පවසයි.

ඇතැම් පුද්ගලයන් විසින් පෞද්ගලික වුවමනාවන් මත ලබා දෙන ව්‍යාජ තොරතුරු මතද රහස් පොලීසිය වගවිභාගයක් නොමැතිව විමර්ශන පැවත්වීමටද කටයුතු කර ඇති බවත් දැන ගැනීමට ඇත.

එමෙන්ම පසුගියදා විමල් වීරවංශ මහතාගේ නිවසට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතාගේ කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් කවුරුද යන්න ගැනද බරපතල සැකයක් ඇතිව තිබේ. පොලිස් මධ්‍ය ප්‍රකාශක වරයා මෙම අවස්ථා දෙකටම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත් නොවුනු බව පවසා ඇත.

එමෙන්ම ඇවන්ගාර්ඩ් පාවෙන නැව සම්බන්ධයෙන්ද රහස් පොලීසියේ ක්‍රියා කාරිත්වය යම් ප‍ටු දෙශපාලනික වුවමනාවක් මත කෙරෙන බව පැහැදිලි බවත් දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

Last modified on Friday, 27 February 2015 12:22

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us