රුපියල් 10,000 දීමනාව, වැ‍ටුපට එකතු කිරීමට සාකච්ඡා

Published in පුවත්
Saturday, 28 February 2015 10:07
රජයේ සේවකයන්ට පෙබරවාරි මස වැටුපට රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂන් සභාව එක්ව සාකච්ඡා පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා කීය.
 
ඒ අනුව හැකි ඉක්මනින් මෙම වැටුප් ප්‍රශ්නය නිරාකරණය කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ලේකම්වරයා පවසයි. පෞද්ගලික අංශ සේවකයන්ට ද රුපියල් 2500 පඩි වැඩිවීමක් ලබාදීමට ද රජය උපදෙස් ලබා දෙන බව ද ලේකම්වරයා කීය.
 
රජයේ දින 100 වැඩ පිළිවෙළ යටතේ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව පසුගිය අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය. පසුගිය අයවැයෙන් යෝජනා කළ 3000 දිමනාවත් අතුරු අයවැයෙන් ලබා දුන් 5000ත්  ලබන ජුනී මාසයේදී ඉතිරි 2000 ත් වශයෙන් මෙම 10,000 දීමනාව සම්පූර්ණවේ.
 
එම මුල් වැටුප් වැඩිවීම මේ මස වැටුපට රුපියල් 8000 ක දීමනාවක් ලෙස ලැබිණි. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us