'රනිල් බලයට ගෙන ඒමේ උත්සාහයක්'

Published in පුවත්
Monday, 21 July 2014 07:52

රට තුළ යළි කොටි ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ඇතැම් බටහිර රාජ්‍යයන් රනිල් වික්‍රමසිංහ වැනි බටහිර ගැති නායකයෙකු බලයට පත්කිරීමට උත්සාහ දරනබව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, දේශය රැකදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ජනතා පෙළගැසෙමු සක්‍රීය කළයුතු බවයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක, "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" වැඩසටහනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් මීරිගම ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් සංවිධානය කළ මෙම කාන්තා නියෝජිත සම්මේලනය, පසුගියදා මිරිගම මහපොල ඥාණප්‍රදීප යොවුන් නිකේතනයේදි පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, යුද්ධය නිමාකර, රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන මොහොතක, දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත ඇතැම් බටහිර රාජ්‍යයන් ශ්‍රී ලංකාව තුල යළි ත්‍රස්තවාදය නිර්මාණය කිරීමටත්, රට බෙදා වෙන්කිරීමටත්, කුමන්ත්‍රණ කරන බවයි.

ඊට එරෙහිව එකාමෙන් පෙළගැසිය යුතු කාලය එළඹ ඇතැයිද, වන්නිආරච්චි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us