උතුරේ නොසන්සුන්තාව පි‍ටුපස මහින්ද - ඩයස්පෝරාවේ 4කුත් ගෙන්වලා

Published in පුවත්
Monday, 02 March 2015 16:52

පසුගිය දිනවල යාපනයේ හා යුරෝපයේ පැවැති දෙමළ ජනතා උද්ඝෝෂණවලදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සුමන්තිරන් මහතාගේ අනුරූ වලට ගිණි තැබීම ඇතුලුව උතුරේ දේශපාලන ගැ‍ටුම් ඇති කිරීම මහින්ද රාජපක්ෂට හිත්වත් කණ්ඩායමක් විසින් මෙහෙයවමින් සිටින බව අනාවරණය වේ.

විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීම සඳහා විශේෂ උත්සහයක් ගනිමින් තිබෙන අතර උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් හා සුමන්තිරන් මහතා අතර ගැ‍ටුමක් ඇති කිරීමටද මේවන විට මෙම පිරිස සමත්ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයට පෙර ඇරඹුණ මෙම සැලසුම අනුව යුරෝපයේ සිට එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයන් සිව් දෙනෙකු මෙරටට ගෙන්වා ඇති අතර එම සිව් දෙනා හා මෙරට තවත් කණ්ඩායමක් මෙම කටයුත්ත මෙහෙයවමින් සිටී.

ඒ අනුව ඉදිරියේදී සුමන්තිරන් මහතාගේ පෞද්ගලික ජීවිතයටද අපහාස වන පරිදී ප්‍රසිද්ධියේ ඔහුට අපහාස, අවලාද ගැසීමේ කුමන්ත්‍රණයක් ගැනද මේ වන විට අනාවරණය වී තිබේ. මේ සඳහා පසුගිය කාලයේ එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්තාපනය වූ තරුණයන් කිහිප දෙනෙකුද යෝදවාගෙන ඇති අතර ඇතැම් ආරක්ෂක අංශ ප්‍රධානින් කිහිප දෙනෙකුද මේ සඳහා සහය වෙමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයට සමීප ආරංචි මාර්ග පවසයි.


සුමන්තිරන් මහතා ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතු වී ඇත්තේ උතුරේ දෙමළ ජනතා නායකත්වය ඔහුට හිමිවීම වැලැක්වීමය.එහිදී සුමන්තිරන්ට එරෙහිව විග්නේෂ්වරන්ව යොදා ගනිමින් සුමන්තිරන්ව දෙශපාලන වශයෙන් අවලංගු කර දැමීම අරමුණ වී තිබේ. ලිබරල් බුද්ධිමතකු වන සුමන්තිරන් මහතා බෙදුම් වාදය ප්‍රතික්ෂේප කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකුණ සමාජය සමඟ සංහිඳියාවෙන් යුතු දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ යළි බෙදුම්වාදී හෙවණැලි උතුරෙන් මතු වීම බව පසුගිය දින කිහිපයේදී එම සිංහල ජාතිවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වයෙන්ද පැහැදිලි විය.

මේ අතර අනුරූ පිලිස්සීම ගැන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍ර මහතාට හා ආනන්දි සසිදරන් මහත්මියට චෝදනා එල්ලවී ඇති බවත් වර්තාවේ. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ආනන්දි සසිදරන් දෙමළ ජාතික සන්ධානයේ මතයට විරුද්ධ මතයක සිටිමින් කටයුතු කළාය.ප්‍රේමචන්ද්‍රන් මහතා අදාල චෝදනා ප්‍රතික්ෂේප කරමින් බීබීසී පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් පැවා තිබු අතර තමා කෙරෙහිවන විවේචන දෙශපාලන විවේචන ලෙස එල්ල කරනු මිසක පෞද්ගලික විවිවේචන ලෙස එල්ල නොකළ යුතු බවත් අවධාරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us