ජාතික ඖෂධ පනත අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Tuesday, 03 March 2015 10:32

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ පනත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ විවාදයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

එම විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට සැලසුම් කර ඇත.

පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදීම ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එය මගහැරී ගිය අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ද එයට ප්‍රධාන ස්ථානයක් හිමිවූයේය.

මේ අතර ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමේ සූදානම සැක සහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ ප්‍රකාශ කළේය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ ජාතික ඖෂධ පනත හදිසියේ සම්මත කිරිම වහාම නවත්වන ලෙසයි. එය සම්මත කර ගැනීම පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති, විද්වතුන් හා විෂය ප්‍රවීනයන්ගේ පුළුල් සංවාදයට ලක් කිරීමට ඉඩ සකස් කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us