සිංහ කොඩිය ගහගෙන මාළු ඇල්ලූ චීන සමාගම් 8 ක් තහනම්

Published in පුවත්
Tuesday, 03 March 2015 11:18

ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකාවේ ධජය යටතේ ධීවර කටයුතු කිරීමට අවසර දුන් චීන ධීවර සමාගම් අටක(08) බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ධීවර කටයුතු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසා සිටි. ඇමතිවරයා පවසන පරිදි මෙම බලපත්‍ර අවලංගු කිරීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පාර්ශ්ව දෙක අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ කොන්දේසි එම චීන ධීවර සමාගම් විසින් උල්ලංඝනය කිරීමයි.

එසේම ඇමතිවරයා පවසන පරිදි මෙම සමාගම් මාළු අල්ලන ක්‍රමවේදය හෙළිකිරීමට අපොහොසත් වී තිබේ. මෙම ක්‍රියාව ගැන අවධානය යොමු කිරීමට හේතුව වී ඇත්තේ නීති විරෝධී සහ නියමිත ක්‍රමවේදයන්ට අනුකූල නොවන අයුරින් මසුන් ඇල්ලීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන බවට යුරෝපා සංගමයෙන් එල්ල වූ චෝදනාව හේතුවෙනි.

ලංකාවේ ධජය යටතේ නීති විරෝධී ක්‍රම වලට ධිවර කටයුතු කරන බව අනාවරණය වීම හේතුවෙන් දැනට යුරෝපා සංගමයේ රටවල් වලට අපනයනය කරනු ලැබූ මාළු නිෂ්පාදන තහනම ඉවත් කර ගැනීම මෙහි අරමුණ බව පැවැසේ

ඇමතිවරයා වැඩිදුරත් සඳහන් කළේ මෙම චීන සමාගම්වල ක්‍රියා පටිපාටිය සම්බන්ධව ගැටළු පවතින බව හා එම ධීවර සමාගම් ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු කරන අතර තුර වෙනත් නීති විරෝධී කටයුතු වලද යෙදී ඇති බව අනාවරණය වූ අවස්ථාවේම මෙම ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කළ බවයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධිවර කටයුතු කිරීම සඳහා චීන සමාගම් වලට අයත් නැව් අටක් හඳුන්වා දෙන ලදී. එම එක් නැවක මෙට්‍රික් ටොන් 300ක පමණ මාළු එකවර ප්‍රවාහනය කිරීමට හැකි බව පැවසේ.

නමුත් යුරෝපා සංගමයේ නියෝජිතයන් මෙරට පැමිණ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව එක දිගටම ලබා දුන් අවවාද හා අනතුරු ඇඟවීම් නොතකා නීති විරෝධී ක්‍රම වලට ලෙස මසුන් මැරීම සිදු කිරීම නිසා ලංකාවේ ධීවර නිෂ්පාදන මිලදී ගැනීම යුරෝපා සංගමය විසින් මෙම වසරේ ජනවාරි 14 දින සිට නවතා දමන ලදී.

විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසන්නේ යුරෝපා සංගමයේ නිර්දේශ වලට එකඟ වෙමින් එම තහනම ඉවත් කරගැනීම සඳහා රජය නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවයි. ඔහු පවසන පරිදි පසුගියදා පාරලිමේන්තුව මගින් නීති විරෝධී ක්‍රම වලට මසුන් මැරීමට විරුද්ධ මසුන් මැරීමේ ක්‍රමයක් පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන ඇත. එසේම ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන යාත්‍රා පරික්ෂා කිරීමට හැකි ක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us