ඒවගේම දුෂ්කර පළාත්වල ළමයි පාසලට ළඟා වෙන්න සැතපුම් ගණන් පයින් යනවා. ඔබ හිතයි ඒත් දැන් ලෝකෙ වෙනස්නෙ.
දැන් කතා කරන්නෙ අධිවේගී මාර්ග ගැන. විදුලි වේගයෙන් යන ප්‍රවාහන ක්‍රම ගැන.නෑ තාමත් ලෝකෙ බොහෝ රටවල ළමයි අකුරු කරන්න සැතපුම් ගණන් පයින් යනවා. අවදානම් ගිරි දුර්ග තරණය කරනවා.
අපේ රටේ උනත් ලෝකේ දියුණු යයි සම්මත රටවල උනත් අකුරු කරන්න මේ ළමයි විදින දුෂ්කරතාවයේ වෙනසක් නැති බව ඔබට වැටහේවි.
Zhang Jiawan Village, Southern China

දරුවන් මේ අනාරක්ෂිත හිනි පෙළ තරණය කරලා තමයි පාසල් යන්නෙ
Gula, China


අඩියක පමණ පළල ඇති මේ ගිරි දුර්ගයේ පැය පහක කාලයක් ගමන් කළ යුතුයි පාසලට ළඟාවෙන්න
Zanskar, Indian Himalayas

ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ පාසල් යනවනම් හොඳට කඳු නගින්න පුළුවන් වෙන්න ඕනෙ
Lebak, Indonesia

පාසැල වෙත යන්න අබලන් පාලමක් තරණය කර අයුරු. මේ ඡායාරූප නම් ටිකක් පරණයි. මේ දුෂ්කර ක්‍රියාව දැකපු ඉන්දුනීසියානු සමාගමක් මේ ප්‍රදේශයට පාලමක් හදල දුන්නා.
Rio Negro River, Columbia

800m දිග 400m උසකින් යුතු මේ කම්බිය හරහා තරණය කර යුතුයි පාසැල වෙත යන්න
Sri Lanka

ගාල්ල කොටු පවුරේ ඉතා කුඩා ලී ආධාරකයක් හරහා මාරු වන දැරියන් පිරිසක්. ඇත්තටම මේ ඡායාරූපයේ සඳහන් වෙනවට වඩා වෙහසක් ලංකාවේ බොහෝ පළාත්වල දරුවෝ පාසල වෙත ළඟා වීමට ගන්න බව අපි බොහෝ දෙනෙක් දන්නවා.
Riau, Indonesia

මේ දරුවො ඔරු පාරු මගින් තමයි පාසැල වෙත ලඟා වෙන්න
India

සොබාදහමට ස්තූති වෙන්න මේ දරුවන්ට අලංකාර ස්වභාවික පාලමක් තියෙනවා
Beldanga, India

අනාරක්ෂිතව පාසල් දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීවිල් රථයක්
Pili, China

මේ අවධානම් ගිරිදුර්ග තරණය සැතපුම් 125ක පාසැල වෙත යන ගමනේ එක් කොටසක් පමණයි
Delhi, India

අශ්වයෙක් විසින් අදිනු ලබන කරත්තයක ගමන් කරන දරුවන් පිරිසක්
Padang, Sumatra, Indonesia

මේ දරුවන්ට නම් සර්කස් පුහුණුවක් අත්‍යවශ්‍ය වෙනවා මේ කම්බිය දිගේ යන්න
Myanmar

බස් ගැන අමතක කරලා හරකෙකුගේ පිටේ පාසල් යන දරුවෙක්
Sichuan Province, China

අධික සීතලේ කැඩුණු පාලමක් මතින් පාසල් යන දරුවෙක්
Kerala, India

බෝට්ටු මගින් පාසල් යන දරුවන් පිරිසක්
Pangururan, Indonesia

මේ ලී පාරුවෙ කොතරම් සෙනග පටවලද කියනවනම් වහළේ උඩත් මිනිස්සු
Cilangkap Village, Indonesia

අනාරක්ෂිත පාරුවකින් ගඟක් තරණය කරන දරුවන් පිරිසක්
Rizal Province, Philippines

මේ දරුවො ගඟ තරණය කරන්නෙ හුලං පුරවපු ටයර් එකක් ආධාරයෙන්

