කිව්ව විදිහට නොකළොත් අපි පාරට බහිනවා -කබීර් හෂීම් (AUDIO)

Published in පුවත්
Wednesday, 04 March 2015 13:34

යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් වන බවත් එසේ නොවුනහොත් පාරට බැසීමට සූදානම් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද(04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික ආණ්ඩුව පිළිබඳව හඬ නගන්නේ ඇමතිකම් අවශ්‍ය සන්ධානයේ මන්ත‍්‍රීවරුන් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පැවසුවේය.

වර්තමානය වන විට මහින්ද ගේ ඒකාධිපති ආණ්ඩුව ආරක්ෂා කිරීමට සහ දූෂිතයින් වෙනුවෙන් පෙනී සිටි කොටසක් ජාතික ආණ්ඩුවක් පිළිබදව කතා කරන බවත් ඔවුන් එසේ ජාතික ආණ්ඩුවක් පිළිබදව කතා කරන්නෙ පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට අනුව බවත් ඔහු පැවසුවේය. ශි‍්‍රලනිපයට ආදයක් ඇති බව මවා පාමින් මොවුන් උත්සාහ ගන්නේ තම පෞද්ගලික අපේක්ෂා ආරක්ෂා කර ගැනීමට බව පැවසුවේය.

හිටපු සමහර අමාත්‍යවරුන් මේදක්වාත් සිය නිල රථ, නිල නිවෙස් පවා ආපසු භාරදී නොමැති බවත් ඒවායේ ඉදගෙන ජාතික ආණ්ඩුවක් ගැන කතා කිරීම ගැටලුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දූෂිතයින්ගේ කොටස නියෝජනය කරන මොවුන්ගේ මොවුන් ඉදිරි මහමැතිවරණය කල් දැමීමට උත්සාහ ගැනීම තුළින් ඔවු්ගේ අපේක්ෂාව වන්නේ යහපාලන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම බවත් පැවසුවේය.

මෙවර පැවති ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට නම් එය පාර්ලිමේන්තුව තුළ ද නියෝජනය විය යුතු බවත් යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් බැවින් නියමිත පරිදි මැතිවරණය පවත්වන බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පෙන්වාදුන්නේය.

දින සියය තුළ පොදුජන අපේක්ෂා ඉටුකිරීම එජාපය බැදී සිටින බවත් එජාපය කිසිවිටෙක ජනතාව අයුතුබලපෑම් නොකලාක් මෙන්ම බලය අයුතු ලෙස පාවිච්චි නොකළ බවත් ජනතා තීන්දුවට හිස නමන බවත් එජාප මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/kabir-hashim-1{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us