නිදහස් වයි-ෆයි කලාප 1,000ක් ස්ථාපිත කිරීමට පියවර

Published in පුවත්
Thursday, 05 March 2015 07:42

නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදෙමින් "වයි-ෆයි කලාප" 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වයි-ෆයි කලාප ඇතිකිරීමට රජය තීරණය කර තිබෙන අතර එහි මුල් අදියර යටතේ මේ මාසය අවසන් වීමට ප්‍රථම වයි-ෆයි කලාප 250 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

එයින් අනතුරුව ඉදිරි වයි ෆයි කලාප 750 ක ප්‍රමාණය රජයේ දින සියයේ වැඩපිළිවෙලට සමඟාමීව දින 60 හා 90 අතර ආරම්භ කරන අතර එම පහසුකම සියයට 100ක්ම නොමිලේ ලබාදෙයි.

ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වෙනුවෙන් අන්තර්ජාල පහසුකම ලබාදීමට තීරණය කර තිබේ.

එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙගා බයිට් (MB) 100ක ප්‍රමාණයේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවන අතර තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක. මේ කාර්යයේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහාය ලබාදෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී ඊයේ (04) පැවැති අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on Thursday, 05 March 2015 07:50

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us