ශ්‍රී ලනීපයේ සුද්දයක් Featured

Published in පුවත්
Monday, 09 March 2015 07:45

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංශෝධනය කර නව සැලසුම් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති සහ සැලසුම් කමිටුවේ සභාපතිනිය ලෙසත් හොරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා එහි ලේකම් ධුරයටත් පත් කර ඇත.

පසුගිය සමයේදී ශ්‍රීලනිපක්ෂය පක්ෂය මහින්ද රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතා මත පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හේතුකොටගෙන පක්ෂය බරපතළ අර්බුදයකට ලක් වී තිබිණි.

ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිප අනෙකුත් පක්ෂ සමඟ කටයුතු කරන ආකාරය මෙන්ම පක්ෂයෙන් ඉවත් වූ සුළු ජාතිකයන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටද මෙම කමිටුවට පැවරී ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කළ යුතු බවට පවසමින් මහනුවර දී පැවැති ජනරැලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

ශ්‍රී නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ මහ ලේකම්වරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

පක්ෂයේ අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගැනීමට අපේක්ෂා කරන බව ඒ මහතා කීවේය. මෙම රැළියට සහභාගී වීමෙන් එම මහජන නියෝජිතයන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය උල්ලංඝණය කර ඇති බවද පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.

Last modified on Monday, 09 March 2015 07:50

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us