චෝදනා නැති දේශපාලන සිරකරුවන්ට නිදහස

Published in පුවත්
Monday, 09 March 2015 08:21

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙයකුමාරි බාලේන්දිරන් ඇතුළු මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැති දේශපාලන සිරකරුවන් පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර නිදහස් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පනස් හැවිරිදි ජෙයකුමාරි බාලේන්දිරන් හා 13 හැවිරිදි ඇගේ දියණිය විභූෂිකා බාලේන්දිරන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් 2014 වසරේ මාර්තු මස අත්අඩංගුවට ගනු ලැබූ අතර ජෙයකුමාරි කළුතර බන්ධනාගාරයේත් ඇගේ දියණිය වවුනියාවේ පරිවාස භාරයේත් රඳවා සිටියි.


එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ වී සිට 2009 මාර්තු 19දායින් පසු ශ්‍රී ලංකා හමුදාවන්ට භාරවූ ජෙයකුමාරිගේ 15 හැවිරිදි පුත්‍රයා භාරවීමෙන් පසු අතුරුදන් වීම නිසා තම පුත්‍රයා සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ එවැනිම සිය දරුවන් අහිමි වූ කාන්තාවන්ට ඇය නායකත්වය දෙමින් විරෝධතාවලට එක්වූ අතර පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙතද ඒ පිළිබඳව පැමිණිලි කර සිටියාය.


පසුව ශ්‍රී ලංකා හමුදාව විසින් ත්‍රස්තවාදීන්ට උපකාර කිරීමේ චෝදනා මත ඇය හා ඇගේ දියණිය 2014 වසරේ මාර්තු මස කිලිනොච්චිය ධර්මපුරම්හිදී අත්අඩංගුවට ගෙන මේ වන තෙක් චෝදනා ඉදිරිපත් නොකර රඳවාගෙන සිටී. ඇය මෙසේ රඳවාගෙන සිටීම නීති විරෝධී බවත්, දේශපාලන හේතු මත ඇය රඳවා සිටින බවත් පවසමින් ඇය රඳවා සිටීමට විරුද්ධව දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා පැමිණිලි කර තිබිණි.


2014 අප්‍රේල් මස 10 වැනිදා ශ්‍රී ලංකා හමුදාවන් විසින් වෙඩි තබා මරා දමන ලද උතුරේ එල්.ටී.ටී.ඊ. නව නායකයා ලෙස සැලැකූ ගෝපි නමැත්තාටත් "අප්පන් හා තේවියන්" නමැති සෙසු දෙදෙනාටත් නවාතැන් පහසුකම් සැලැසුවේ යැයි ජෙයකුමාරිට චෝදනා එල්ල විය.

කෙසේ වුවත් මෙම චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් අසමත්ව ඇතැයි ඇය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන චෝදනා කරයි.

mawbima

Last modified on Monday, 09 March 2015 08:32

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us