බොදු බලේ රිංගන්න තැනක් හොයයි

Published in පුවත්
Tuesday, 10 March 2015 13:58

මහින්ද රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉ‍ටු කළ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය එක්සත් ජාතික පක්ෂයට හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ කිට්‍ටු කිරීමට කෙටි මාර්ග සොයමින් සිටින බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය පළ කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙකුගෙන් බොදු බල සේනා ප්‍රධානියකුට ගුටි කන්නට සිදුවූ බවත් වර්තා වී තිබිණි. මේ හේතුවෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බූදයකට ලක්ව සිටින එම සංවිධානයේ ප්‍රධානින් කිහිපදෙනෙකු එජාපයේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටී. මේ වන විටත් එජාපයේ ජේෂ්ඨයකු සමඟ මේ අලුත් දීගය ගැන සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් පසුගියදා ශ්‍රී ලනීපයේ හිටපු ඇමති හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක දී පවසා සිටියේද එළඹෙන මහ මැතිවරණයකදී බොදුබල සේනා සංවිධානය ඒකාබද්ධ කරගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත නොවන බව ය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වු බවයි.

මෙම බොදු බලසේනා කණ්ඩායම් ප්‍රධානින් සිංහල බෞද්ධ ජාතිවාදය වැපිරවීමේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුව කිරීමට පෙර ඔවුන් නිරත වූයේ 'සිංහල තමිල් මුස්ලිම් ජාතික සංහිඳියාව' නැමැති නෝර්වේ එන්ජීඕ ව්‍යාපෘතියකය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us