හන්දි ගානේ කෑ නොගහා කෙලින් ඇවිත් අගමැතිකම ඉල්ලන්න, ඩිලාන්ගෙන් මහින්දට පණිවිඩයක් Featured

Published in පුවත්
Wednesday, 11 March 2015 07:58

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ඉල්ලීමක්‌ කරන්නේ නම් ඊට අවස්‌ථාව ලබාදෙන බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂක ධුරය අවශ්‍ය නම් ඒ ගැනද සලකා බලා තීරණවලට එළඹීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සූදානම් බව හෙතෙම කීය.

අගමැති අපේක්‍ෂකත්වය රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බවට රටේ පවතින කතිකාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා අගමැති අපේක්‍ෂක ධුරය අවශ්‍ය නම් ඒ බව විධිමත් ක්‍රමවේදයකට අනුව පක්‍ෂය වෙත දැන්විය යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභාව රැස්‌වී අවසන් තීන්දුවක්‌ ගන්නා බවත් එවැනි ඉල්ලීමක්‌ නොකර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටවත් අයත් නොවන ඇතැම් දේශපාලන පක්‍ෂ මාර්ගයෙන් හන්දි ගානේ කෑමොරසන් දීමෙන් කිසිදු ප්‍රයෝජනයක්‌ අත් නොවනු ඇති බවත් එවැනි ක්‍රියා මගින් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩවීම බවත් හෙතෙම පැවැසීය.

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු ඒ මහතා ජාතික ලැයිස්‌තුව හරහා පාර්ලිමේන්තුවට පත්කර විපක්‍ෂ නායක ධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සාකච්ඡා කළද එයටද ඔහු අකමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වන විට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සහ මහින්ද රාජපක්‍ෂ මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්‌ව සහයෝගයෙන් කටයුතු කිරීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් උත්සහ කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

- දිවයින

Last modified on Wednesday, 11 March 2015 08:06

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us