ජනාධිපති මොනව කිව්වත් පොළොන්නරුවේ බොරළු ජාවාරම ජයටම වෙනවා

Published in පුවත්
Thursday, 12 March 2015 15:27

රටේ ප්‍රබල දේශපාලකයකුගේ සමීප ඥාතියකු විසින් සිදුකරමින් තිබෙන නීති විරෝධී බොරලූ කැපීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ කෙරෙන මෙම ජාවාරම නීත්‍යානුකූල බව හැඟවීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් අවසර පත් ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියේ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මෙම ජාවාරම් කරුවා ලබාගෙන ඇති බවත් වාර්තාවේ.

නීත්‍යානූ කූලව බොරලූ කැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශ මත භූ විද්‍යා හා පතල් කාර්යාංශය අනුමැතිය ලබා දියයුතුව තිබේ. එමෙන්ම ක්ෂේත්‍ර පරීක්‍ෂා කිරීම අනිවාර්ය කොන්දේසියකි.

එසේ සිදුකරන ක්ෂේත්‍ර පරීක්‍ෂාවෙන් පසු වාර්තා ලබාදීම සඳහා මාසයකට ආසන්න කාලයක් ගතවනමුත් කිසිදු ක්ෂේත්‍ර පරීක්‍ෂාවකින් තොරව මධ්‍යම පරිසර අධිකාරියෙන් පමණක් අනුමැතියක් ලබාගෙන ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය ලබාදෙන අවසරයකට දිනකට කැනීම් කළ හැක්කේ බොරලූ කියුබ් 50ක් වන අතර ඒ සඳහා එක් බැකෝ යන්ත්‍රයකට වඩා භාවිත කිරීමට අවසරයක් නොමැත.

කැනීම් කළ යුත්තේද සතියේ දිනවල උදෑසන 6 සිට සවස 6 දක්වා පමණක් වුවත්, අදාල ජාවාරම සති අන්තවල දිනවලද සිදුකෙරෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

බැකෝ යන්ත්‍ර දෙකක් යොදවා ටිපර් රථ 20කින් පමණ බොරලූ කැනීම් කර ප්‍රවාහනය කරන අතර ඒ අනුව දෛනිකව බොරලූ කියුබ් 200කට වඩා කැනීම් කර ප්‍රවාහනය කරන්නේ ප්‍රබල දේශපාලනඥයාගේ නම යොදාගෙන බවත් වාර්තාවේ.

බොරලූ ප්‍රවාහනය කිරීම සඳහාද වෙනම බලපත්‍රයක් තිබිය යුතු අතර මෙම ජාවාරමට අදාල ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කරගෙන සිටින අතර, පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රබල දේශපාලනඥයාගේ නම භාවිතා කිරීම නිසා පොලිසිය අසරණ භාවයට පත්ව සිටී.

පසුගිය මස 19 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේදී පැවසුවේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ වැලි සහ බොරලූ සම්බන්ධ කැනීම් කටයුතු නතර කරන ලෙසයි.

boralu.-1

Last modified on Thursday, 12 March 2015 17:21

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us