මට යන්න උනේ කුමන්ත්‍රණයක් නිසයි - හිටපු ජනපති

Published in පුවත්
Saturday, 14 March 2015 11:04

ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය හා බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ඔත්තු සේවාව එක්‌ව පසුගිය ජනාධිපතිවරණයේදී තමා පරාජය කරන්නට කුමන්ත්‍රණය කළ බවත්, එසේ වුවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

කොළඹ සිටි රෝ සංවිධාන නියෝජිතයා ඉවත් කරන ලෙස මා ඉන්දියාවෙන් ඉල්ලා සිටියා. ඔවුන් එය කළා. ඒත් ඒ ජනාධිපතිවරණය ආසන්නයේ. එතකොට ප්‍රමාද වැඩියි යෑයි මහින්ද රාජපක්‍ෂ පවසා තිබේ.

"මෙය ආරම්භ වී ඇත්තේ වසර දෙකකට පෙර සිටයි. චීනය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පැවැත්වීම ගැන ඉන්දියාව වැරදියට හිතුවා. ඒකයි මා ඉවත් කරන්න රෝ සංවිධානය කටයුතු කළේ" මහින්ද රාජපක්‍ෂ  පැවැසීය.

යළිත් දේශපාලනයට එන්නේ දැයි හින්දු පුවත්පත විමසූ විට ඊට සෘජු පිළිතුරක්‌ නොදුන් හිටපු ජනාධිපතිවරයා නව රජය තම පවුලේ අයට හා තම සගයන්ට එරෙහිව නඩු පවරමින් සිටින බවත් ඔවුන් එසේ නොකළා නම් තම සහාය නව රජයට ලබා දෙන්නට ඉඩ තිබූ බව පැවසීය.

ඔවුන් අපට විරුද්ධව පරීක්‍ෂණ පවත්වන බව කියනවා. හිරේ දාන බව කියනවා. සාක්‍ෂි පවා නැතිව විදේශ ගමන් බලපත්‍ර අහෝසි කරලා. මේ තත්ත්වය තුළ දේශපාලනයෙන් විශ්‍රාම යන්නත් බැහැ. දැන් මම විවේක ගන්නවා. මා විශ්‍රාම ගන්නා බව කිසි විටෙක මා පවසා නැහැ... මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් පවසා තිබේ.

(divaina)

Last modified on Saturday, 14 March 2015 11:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us