මහමළුවට පැමිණි අවස්ථාවේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට පිරිත් නූල් බැඳ ආශිර්වාද පළ කළේය.
අනුරාධපුරයට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දැක බලා ගැනීමට ජනතාව විශාල පිරිසක් එක්රැස්ව සිටියේය. ඉන් අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුවන්වැලිසෑ මහා දාගැබ ද වැද පුදා ගත්තේය.








 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														