සවුදියේ ගෙළ සිඳීමට සිටි ලාංකිකයන් තිදෙනා වෙනුවෙන් ලේ වන්දියක්‌

Published in පුවත්
Wednesday, 18 March 2015 08:31

සවුදි අරාබියේ ගෙළ සිඳ මරා දැමීමේ තීන්දුවට ලක්‌වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දඬුවම ලේ වන්දියක්‌ දක්‌වා ලිහිල් කර ගැනීමට හැකිවූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

2007 වසරේදී යේමන ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2014 නොවැම්බර් මාසයේදී සවුදි අධිකරණය විසින් මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනාට එරෙහිව මරණ දඬුවම නියම කළ බව කී ඇමැතිවරිය මෙරට මැතිවරණ වාතාවරණයත්, සවුදි රජුගේ මරණයත් නිසා ඒ පිළිබඳ විදේශ රැකියා අමාත්‍යාංශයේ වගකීම පමාවූ බවද කීවාය.

පසුගිය රාජපක්ෂ පලන සමයේදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් රිසානා නෆික්‌ තරුණිය බේරා ගන්නා බවට එම පාලකයෝ කට මැත දෙඩවූවද ඇයව ඝාතනය කරන තුරුත් කිසිදු පියවරක් ගැනීමට ඔවුන් අසමත් විය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එවකට විදේශ ‍රැකියා කටයුතු ඇමැතිවරයා වු ඩිලාන් පෙරේරා මහතා විසින් විපක්ෂයේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අනිවාර්යෙන්ම රිසානා බේරා ගන්න බවට සහතික කරන විටත් ඇයව ඝාතනය කර තිබිණි. ඒ බව වත් ඔහු දැන සිටියේ නැත.


ඒ කෙසේ වෙතත් මේ වන විට තානාපතිවරයා හරහා තම අමාත්‍යාංශ විසින් මූලික සාකච්ඡා සිදුකර ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ හිස සිඳ දැමීමේ දඬුවම ලේ වන්දිය දක්‌වා අඩුකර ගැනීමට හැකියාව ලද බවද ඇමැති තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඝාතනයට ලක්‌වූ යේමන් ජාතිකයාගේ සහෝදරයා විසින් විත්තිකාර ශ්‍රී ලාංකිකයන්ගේ මරණ දඬුවම ලිහිල් කර වන්දියක්‌ ලබාගැනීමට එකඟ වූ බවද එහෙත් එම වන්දි මුදල කොපමණද යන්න එරට අධිකරණය මගින් තීරණය කළ යුතුව ඇතැයිද කී අතුකෝරළ මහත්මිය ඕනෑම අවස්‌ථාවක තම දරුවන් දැක බලා ගැනීම සඳහා සවුදියට යාම සඳහා එම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දෙමව්පියන්ට පහසුකම් ලබාදුන් බවද කීවාය.

කෙසේ වෙතත් මෙම වරදකරුවන් තිදෙනාට සිරදඬුවමක්‌ අනිවාර්යයෙන්ම හිමිවන බව කී අතුකෝරළ මහත්මිය එම සිරදඬුවම එරටේ ලබා දෙනවාද, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක ලබා දෙනවාද යන්න පිළිබඳ මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැතැයිද කීය.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us